කථානායක අශෝක රංවල මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් පිළිගෙන තිබේ.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් මේ බව ලිඛිතව පාර්ලිමේන්තු මහලේකම්වරයාට දන්වා යවා ඇතැයිද සඳහන් වේ.
කථානායක අශෝක රංවල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබුණි.
ඒ තමාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධව සමාජව තුළ මතු කරනු ලැබූ ගැටළුවක් හේතුවෙන් තමාට මේ මොහොතේ එම සුදුසුකම් සඳහා අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කිරීමට අපොහොසත් බව දන්වමිනි.
එහෙත් තමන් තමාගේ සුදුසුකම් සම්බන්ධව සාවද්‍ය ප්‍රකාශයක් සිදුකර නොමැති බවත් ඔහු සිය ලිපිය මගින් දන්වා තිබුණි.