2026 ජූලි 28 අඟහරුවාදා, 21:05
නවතම පුවත්

අල්ලස් චෝදනා මත රිමාන්ඩ් භාරයේ පසුවූ හිටපු අතිරේක රස පරීක්ෂකට ඇප

වාහන අනතුරු සම්බන්ධ රස පරීක්ෂක වාර්තා පෞද්ගලික රක්ෂණ සමාගමකට වාසිදායක ලෙස සකස් කර දීම සඳහා අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක රස පරීක්ෂක එච්.එල්. ඩබ්ලිව් ජයමාන්න සහ අදාළ රක්ෂණ සමාගමේ උප සභාපතිවරයා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා, සැකකරුවන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළේය. ඇප ලබා දීමේදී සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද අධිකරණය පියවර ගත්තේය.

මෙම නඩු විභාගයට අදාළ සාක්ෂිකරුවන්ට කිසිදු ආකාරයක බලපෑමක් නොකරන ලෙස මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට දැඩි ලෙස අවවාද කළේය. රක්ෂණ සමාගමේ රක්ෂණය කර ඇති වාහන අනතුරට පත් වූ අවස්ථාවලදී, එම සමාගමට මූල්‍යමය වාසි සැලසෙන අයුරින් රස පරීක්ෂක වාර්තා ලබාදීම සඳහා අල්ලස් ලබා ගැනීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories