2026 ජූලි 31 සිකුරාදා, 01:45
නවතම පුවත්

දින 18කට පසු නාවලපිටිය-මහනුවර ප්‍රධාන මාර්ගය යළි විවෘතයි

‘දිට්වා’ සුළි කුණාටුවෙන් නායයෑමට ලක් වූ නාවලපිටිය – මහනුවර ප්‍රධාන මාර්ගය දින 18කට පසු රථවාහන ධාවනය සඳහා අද (දෙසැම්බර් 15) දින උදෑසන 7:00 සිට යළි විවෘත කෙරිණි.

මෙම මාර්ගය අලුත්වැඩියා කිරීමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය, 06 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව, නාවලපිටිය සහ ඇත්ගාල පොලිස් ස්ථාන, පස්භාගේ කෝරලේ ප්‍රාදේශීය සභාව සහ නාවලපිටිය නගරය ඇතුළු පාර්ශ්ව කිහිපයක සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

නායයෑම නිසා මාර්ගයට වැදී තිබූ පස් ඉවත් කර මාර්ගය සකස් කර ඇති අතර, මාර්ගයට ඉහළින් පස්කන්ද නායයාමේ අවදානමක් පවතින නිසා ඒ සඳහා ස්ථිර විසඳුමක් ලබා දෙනතුරු ආරක්ෂිතව ගමනාගමනයට හැකිවන ආකාරයෙන් මාර්ගය නිර්මාණය කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. මෙම ස්ථානයේ කටයුතු අවසන් වන තුරු සුපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කරවන ලෙසද මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මාර්ග පද්ධතිය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ උපරිම ශක්තිය යෙද වූ බව යුද හමුදාවේ නිලධාරියෙකු පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ මහත්මිය ප්‍රකාශ කර සිටියේ, පස්භාගේ කෝරලය තුළ ආපදාවට ලක් වූ මාර්ග බොහොමයක් මේ වනවිට අලුත්වැඩියා කර අවසන් කර ඇති බවය.

කෙසේ වෙතත්, මෙම මාර්ගයේ බර වාහන ධාවනයට යම් සීමා පනවා ඇත. එම මාර්ගය විවෘත කිරීමෙන් පසුව එම ස්ථානයේ හානි වී ඇති දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීමේ කටයුතු කඩිනමින් සිදු කරන බව නාවලපිටිය දුම්රිය මාර්ග නඩත්තු අංශයේ නිලධාරියෙකු පැවසීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories