‘සුවසැරිය’ ගිලන් රථ සේවාවේ නම, ලාංඡනය මෙන්ම වර්ණය වෙනස් කිරීමට වත්මන් රජය සූදානම් වන බවට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අද (10) පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන් රථ සේවාවක් ලෙස ‘සුවසැරිය’ ක්‍රියාත්මක වන බවත්, එයට නියමිත ලාංඡනයක් ඇති බවත්, රටේ වැඩිපුරම ආදරය කරන සේවාව ‘සුවසැරිය’ වන බවත්ය.
හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් චෝදනා කරමින් සඳහන් කළේ, සුවසැරිය වෙනස් කිරීමට කටයුතු සූදානම් කරමින් ඇති බවත්, එහි ප්‍රසිද්ධ 1990 අංකය හා සුවසැරිය නම ඉවත් කර, එහි නිල පැහැයද වෙනස් කිරීමට සූදානම් වන බවත්ය.
‘සුවසැරිය’ යනු ගිලන් රථ සේවාවක් නොව, එය පූර්ව රෝහල් ප්‍රතිකාර සේවාවක් බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, එම අතිශය වැදගත් සේවාව විනාශ කර නොදමන ලෙස වත්මන් රජයෙන් දැඩි ලෙස ඉල්ලා සිටින බවද ප්‍රකාශ කළේය.