2026 ජූලි 29 බදාදා, 19:05
නවතම පුවත්

18 හැවිරිදි පෙම්වතියට බියර් පොවලා පෙම්වතා නිරුවත් ඡායාරූප අරන්

18 හැවිරිදි පෙම්වතිය ලැගුම්හලකට රැගෙන ගොස් බියර් පොවා මත්කර පසුව නිරුවත් කර පින්තූර ගෙන යහළුවන්ට බෙදාහැරි බව කියන පෙම්වතකු අත්ඩංගුවට ගෙන ඇතැයි ඌරුබොක්ක පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඌරුබොක්ක අමුහේන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිිදි තරුණයකු බව පොලිසිය සඳහන් කරයි.

18 හැවිරිදි තරුණිය කාලයක් සැකකරු සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති අතර එම ප්‍රේම සම්බන්ධය දෙදෙනා විසින් පසුව නතර කර තිබේ.

ප්‍රේම සම්බන්ධය නතර කළත් දෙදෙනා නිතර නිතර දුරකථයෙන් කතා කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවට පොලිසිය පවසයි.

ඒ අනුව ඉකුත් 26 දින හමුවන්න එන්න යැයි පෙම්වතිය සිය පෙම්වතාට දන්වා ඇති අතර ඒ අනුව තරුණයා යහළුවකුගේ ත්‍රිරෝද රථයකින් සිය පෙම්වතිය දම්පහල ප්‍රදේශයේ ලැගුම්හලකට රැගොස් එහි කාමරයක් කුලියට ගෙන ඇති බවත් පසුව තරුණියට බියර් පානය කිරීමට සලස්වා මත්වූ පසු සිරුරේ ඇඳුම් ඉවත්කර පෙම්වතා විසින් පෙම්වතියගේ නිරුවත් ඡායාරූප ගෙන එම නිරුවත් ඡායාරූප වට්ස්ඇප් මගින් යහළුවකුට යවා ඇති බවත් විමර්ශනවලින් අනාවරණ වී ඇත.

පසුව එම නිරුවත් ඡායාරූප පෙම්වතාගේ යහළුවා විසින් ඔහුගේ යහළුවකුට යවා ඇති අතර එසේ සංසරණය වූ තරුණියගේ නිරුවත් ඡායාරූප තරුණියගේ සහෝදරයාට එවීමත් සමග පෙරේදා (28) සැකකාර පෙම්වතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර පෙම්වතා තම පෙම්වතියගේ නිරුවත් ඡායාරූප ලබාගත් බවත් එම ඡායාරූප වට්ස්ඇප් හරහා බෙදාහැරී බවත් පොලිසියට පවසා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව ඌරුබොක්ක පොලීසිය පවසයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories