2026 ජූලි 29 බදාදා, 02:19
නවතම පුවත්

උත්සව සමයේ විශේෂ දුම්රිය වාර කිහිපයක් ධාවනයට

නත්තල් උත්සවය, පාසල් නිවාඩුව සහ වසර අවසානයේ එළඹෙන දීර්ඝ නිවාඩු සමය හේතුවෙන් මගී ජනතාවට සිදුවන අපහසුතා මඟහරවා ගැනීම සඳහා අමතර දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. උත්සව සමය තුළ ගම්බිම් බලා යන සහ විනෝද චාරිකාවල නිරත වන ජනතාවගේ පහසුව වෙනුවෙන් මෙම විශේෂ සැලසුම ක්‍රියාත්මක වේ.

ඒ අනුව, අද (24) පස්වරු 03.00 ට මරදාන දුම්රිය ස්ථානයෙන් ආරම්භ වී මාතර දක්වා ධාවනය වන විශේෂ ශීඝ්‍රගාමී දුම්රියක් යොදවා ඇත. මෙම විශේෂ දුම්රිය නැවත මෙම මස 29 වැනිදා අලුයම 05.00 ට මාතර දුම්රිය ස්ථානයෙන් පිටත්ව පෙරවරු 08.30 වන විට කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත ළඟා වීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මීට අමතරව, උතුරු දෙසට ගමන් කරන මගීන් වෙනුවෙන් කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර ධාවනය වන නගරාන්තර දුම්රිය එළැඹෙන 25 වැනිදා සහ 28 වැනිදා යන දිනවල විශේෂයෙන් ධාවනය කිරීමට සැලසුම් කර ඇත. මෙම දුම්රිය සම්පූර්ණයෙන්ම පළමු පංතියේ වායු සමනය කළ මැදිරි 09 කින් සමන්විත වීම මගීන්ට වැඩි පහසුවක් ගෙන දෙනු ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටින්නේ පවතින උත්සව සමයේ තදබදය අවම කිරීම සඳහා අවශ්‍යතාවය අනුව තවත් විශේෂ දුම්රිය වාර එක් කිරීමට අවධානය යොමු කර ඇති බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories