2026 ජූලි 29 බදාදා, 05:34
නවතම පුවත්

වැසිකිළි වළකට වැටි සිඟිත්තියක් මියයයි

පුත්තලම, වෛරන්කට්ටුව ප්‍රදේශයේ නිවසක අනාරක්ෂිතව ඉදිකර තිබු වැසිකිළි වළකට වැටි සිඟිත්තියක් මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුද්දයි මාස දෙකක් වයසැති දිනුකි හන්සිමා නමැති දැරියකි.

මෙම සිඟිත්තිය සිය වැඩිමල් සහෝදරිය සහ සහෝදරයා සමඟ නිවස තුල සෙල්ලම් කරමින් සිටි අතරවාරයේ මව නිවස අසල පිහිටි වැසිකිළියට ගොස් ඇත.

එය දුටු සිඟිත්තිය මව පසුපස ගොස් ඇති අතර එහිදී ඇය අනාරාක්ෂිතව ඉදිකර තිබු වැසිකිළි වළට වැටි ඇති බව මූලික පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.

මද වේලාවකට පසුව සිඟිත්තිය නිවසේ නොමැති බව දැන මව අසල්වසින්ගේ ද සහාය ඇතිව තම කුඩා දියණිය සොයා ඇති අතර එහිදී සිඟිත්තිය වැසිකිළි වළට වැටි ඇති බව දැක ඇත.

ඔවුන් පදිංචිව සිටින නිවසට අඩි 3ක පමණ දුරින් මෙම අනාරක්ෂිත වැසිකිළි වළ පිහිටා ඇති අතර පසුගිය දින කීපයේ පැවති වර්ෂාව හේතුවෙන් එම වල ජලයෙන් පිරී තිබු බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

පවතින ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙම පවුලට නිවස සහ වැසිකිළිය නිසි ලෙස සදා ගැනීමට නොහැකි වී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories