2026 මැයි 15 සිකුරාදා, 15:23
නවතම පුවත්

ආණ්ඩුව ගැන අපිට සැකයි උතුරු පළාත් සභාව කියයි

උතුරු පළාත් සභාවේ හිටපු මැති ඇමතිවරුන් පිරිසක් පැරණි ක්‍රමය යටතේම පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස අද (සැප්තැම්බර් 21) රජයෙන් දැඩි ඉල්ලීමක් කළහ. යාපනයේ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව සඳහන් කළේ, වසර 12කට පසුව උතුරු පළාත් සභා මැතිවරණය පැවති 2013 සැප්තැම්බර් 21 දිනට අදට වසරක් සපිරෙන බැවිනි.

මෙම හමුවට සහභාගී වූ ඉලංකෙයි තමිල් අරසුකච්චි, ප්ලොට්, ටෙලෝ, ඊ.පී.ඩී.පී සහ ඊ.පී.ආර්.එල්.එෆ් යන පක්ෂ නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් වන එම්මානුවෙල් ආර්නෝල්ඩ්, කජදීපන්, සබා කුගදාස්, තවනාදන් සහ ආචාර්ය සර්වේෂ්වරන් මහත්වරුන්, ආණ්ඩුවේ ප්‍රකාශ සම්බන්ධයෙන් සැක පළ කළහ.

“ආණ්ඩුව සීමා නිර්ණය අවසන් කර මැතිවරණයක් පවත්වන බව පැවසුවත්, ඒ සඳහා නිශ්චිත කාලයක් දී නැහැ” යැයි ඔවුන් පැවසීය. ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ), ප්‍රතිපත්තිමය වශයෙන් පළාත් සභා ක්‍රමයට විරුද්ධ වීම මෙම සැකයට ප්‍රධාන හේතුවක් බව ඔවුහු පෙන්වා දුන්හ. ජවිපෙ සාමාජිකයන් පළාත් සභා ක්‍රමය ‘සුදු අලියෙක්’ ලෙස හඳුන්වමින් පක්ෂ අභ්‍යන්තරයේ කතා කරන බවට ද චෝදනා එල්ල විය.

ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට නම් පළාත් සභා මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය බව හිටපු මන්ත්‍රීවරු අවධාරණය කළහ. පළාත් සභා ක්‍රමය ජාතික ගැටලුවට විසඳුමක් නොවන බව පිළිගත්තද, එය දමිළ ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීමේ දෙවන දේශපාලන ස්ථරය ලෙස සලකන බව ඔවුහු වැඩිදුරටත් කියා සිටියහ. ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරමින් කඩිනමින් මැතිවරණයක් පැවැත්විය යුතු බව ඔවුන්ගේ ස්ථාවරයයි.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories