2026 ජූලි 29 බදාදා, 04:33
නවතම පුවත්

සුබාස්කරන් අලිරාජාගෙන් සජිත්ට මිලියන 500ක්!

ලයිකා මොබයිල් සමූහ ව්‍යාපාරයේ අධිපති සහ ස්වර්ණවාහිනී මොනරා මාධ්‍ය ජාලයේ අයිතිකරු බව කියන සුබාස්කරන් අලිරාජා විසින් සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස වෙත රුපියල් මිලියන 500 ක මුදලක් ලබා දී ඇති බව එවකට ‘සිංහ එෆ්.එම්. (පසුව සිත එෆ්.එම්.) අයිතිකරු වශයෙන් කටයුතු කළ නිරංග ඉන්ද්‍රජිත් හෙට්ටිආරච්චි විසින් හෙළිදරව් කර තිබේ.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ ස්වභාවිකව ආරම්භ වූ ජනතා අරගලය දඩමීමා කරගෙන රට අරාජික කිරීම සඳහා දේශපාලකයන් වෙත මුදල් පොම්ප කරමින් මෙහෙයවීමට අලිරාජා සුබාස්කරන් විසින් කටයුතු කර ඇති බව ය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පලවා හැරීමෙන් අනතුරුව, බුද්ධික පතිරණ හිටපු මන්ත්‍රීවරයා හරහා සජිත් ප්‍රේමදාස සමග මෙම ගනුදෙනුව සිදු කර ඇති බව ඔහු පවසයි. මෙම ගනුදෙනුව සඳහා සුබාස්කරන්ගේ පාර්ශවයෙන් තුන්දෙනෙකු සම්බන්ධ වී තිබේ. ඉන් තුරෙයිඅප්පා ජයසීලන් නමැත්තා මේ වන විට රංජන් රාමනායක විසින් ආරම්භ කරන ලද ‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ’ පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් කටයුතු කරයි. අනෙක් පුද්ගලයා නිරූදන් රාජසුන්දරම් ය. ස්වර්ණවාහිනී, මොනරා මාධ්‍ය ජාල, සිත එෆ්.එම්, මැක්ස් ටී.වී සහ මැක්ස් රේඩියෝ යනාදී සියලු මාධ්‍ය ආයතන අයිතිකරුවන් ලෙස ලියාපදිංචි කොට ඇත්තේ මේ දෙදෙනාගේ නම් ය. අනෙක් පුද්ගලයා වන්නේ අරවින්දම් සුබ්‍රමනියම් ය. අප්‍රේල් අරගලය සමයේ ජනතා අරගලය ගෙවල් ගිනි තැබීම දක්වා වර්ධනය කිරීම සඳහා මුදල් හසුරුවන ලද්දේ මෙම පුද්ගලයන් දෙදෙනා බව ඉන්ද්‍රජිත් හෙට්ටිආරච්චි පවසයි.

මෙම මුදල් කළු මුදල් ලෙස හවාලා ක්‍රමය හරහා මුදල් විශුද්ධිකරණයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබී ඇති බව ද ඔහු පවසයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories