2026 ජූලි 29 බදාදා, 07:03
නවතම පුවත්

දකුණු ගාසා තීරයේ සිදුවූ වෙඩි ප්‍රහාරයේ අත්වැරැද්ද ඊශ්‍රායලය පිළිගනියි

දකුණු ගාසා තීරයේ වෛද්‍ය වෘත්තිකයින් ඇතුළු හදිසි සේවකයින් පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධව ඊශ්‍රායලය සිය වරද පිළිගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන අතර එම ප්‍රහාරය සම්බන්ධව සිය සොල්දාදුවන් වැරදි සිදුකර ඇතැයි ඊශ්‍රායල හමුදාව පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

පලස්තීන රතු අඩසඳ සංගමයට අයත් ගිලන් රථ පෙළට පසුගිය 23 වැනි දින දකුණු ගාසා තීරයේදී ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල වූ අතර එම ප්‍රහාරයට එක්සත් ජාතීන්ගේ මෝටර් රථයක් සහ ගාසා තීරයේ සිවිල් ආරක්ෂක බළකායේ ගිනි නිවන රථයක්ද හසු වූ අතර එම ප්‍රහාරයෙන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

සිද්ධියෙන් මියගිය පුද්ගලයින් 14කගේ සිරුරු සතියකට පසු සොයාගත් ගෙන තිබුණ අතර සතියක් ගතවන තුරුම ඒවා අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ආයතනවලට එම ප්‍රදේශයට ආරක්ෂිතව ගමන් කිරීමට හෝ එම ස්ථානය සොයා ගැනීමට නොහැකි වූ බැවිනි.

සොගත් සිරුරු අතරින් පුද්ගලයින් 08 දෙනෙකුගේ සිරුරු පලස්තීන රතු අඩසඳ සංගමයයට අයත් සාමාජිකයින්ගේ බවත් තවත් මළ සිරුරු 05ක් සිවිල් ආරක්ෂකයින්ට අයත් බවත් හඳුනාගෙන තිබුණු අතර එක් මළ සිරුරක් එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය සේවකයෙකුගේ බවත් හඳුනාගෙන තිබුණි.

කෙසේ වෙතත් ඔවුන් අතරින් සමහරක් හමාස් සංවිධානයට සම්බන්ධ බවට ඊශ්‍රායලය චෝදනා කර ඇතත් ඔවුන් නිරායුධව සිටියදී වෙඩි තැබීම සිදුව ඇති බව ඊශ්‍රායලය පිළිගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ එමෙන්ම සිද්ධිය සම්බන්ධව ජාත්‍යන්තර සංවිධාන රැසක් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා ඇති අතර සිද්ධිය සම්බන්ධව ඊශ්‍රායල හමුදාව ද පරීක්ෂණයක් සිදුකරන බවට පොරොන්දු වී ඇති බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories