2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 19:09
නවතම පුවත්

දිලිත් ජනතාවට දුන් ප්‍රතිඥාව.

ජනතාවට කිසිවිටෙකත් පසුතැවීමට ලක්නොවන දේශපාලනයක තමා නිරත වන බව සර්වජන ජනාධිපති ධූර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

රට වැටී ඇති අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වු බව කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජනරැලියකට එක්වෙමින් දිලිත් ජයවීර මහතා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු සර්වජන ජනාධිපති ධූර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා.,

“මම දේශපාලනයට ආවේ නෑ දේශපාලනයෙන් හම්බ කරගන්න. දේශපාලනයෙන් යැපෙන්නට, සාම්ප්‍රදායික ලෙස දේශපාලනයෙන් වාහන ගන්න. මම ආවේ මේ රට වැටෙන බව දැක්කම මේක රැක ගන්නට ඕනේ කියන චේතනාවෙන්. මම දන්නවා මේ දිස්ත්‍රික්කයේ ඡන්දේ දිලා ආපු බොහෝ දෙනෙක් අද ගෙම්බන් සේ පැනලා තියෙන්නේ සමාන අදහස් තියෙන අයත් එක්ක එකතු වෙන්න නෙමෙයි සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ අදහස් තියෙන අයත් එක්ක එකතු වෙන්න . වරදාන වලට තමන්ගේ ආත්ම ගෞරවය පාවාදුන්න පුද්ගලයෝ. මම ඔබට කියනවා අපි සමග හිටගත්තු කිසිම කෙනෙකුට කනස්සල්ලට පත් වෙන දේශපාලනයක් අපි කිසි දවසක නොකරන බවට. ඔබට ආඩම්බර වෙන්න පුළුවන් දේශපාලනයක් මිසක් කනගාටු වෙන දේශපාලනයක් අපි කරන්නේ නෑ. ඒක තමයි අපි ඔබට කරන ප්‍රතිඥාව.”

“අපි ප්‍රතිපත්ති මත ඉන්නේ. අපි ආදරෙයි මේ රටට. ඒ ආදරේ වෙනුවෙනුයි අපි මේක කරන්නේ . ඒ නිසා ඔබ අපි සමඟ හිට ගන්න . අපි ඉදිරිපත් කරලා තියෙනවා උපාය මාර්ගික වැඩපිළිවෙළක් . අපේ උපායමාර්ගික වැඩපිළිවෙල තුළ ඔබගේ ජීවිතය වෙනත් වන දිනය ඒක වෙනස් වෙන්නේ කොහොම ද ඔබගේ කුටුම්බයට ඔබගේ ගෙදරට අවම රුපියල් 100,000 ලැබෙන විදිය අපේ උපායමාර්ගික වැඩපිළිවෙළේ දාලා තියෙනවා.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories