2026 ජූලි 29 බදාදා, 14:48
නවතම පුවත්

“ආණ්ඩු විවේචනය හිරේ යන වැඩක් වෙලා”

ආණ්ඩුව විවේචනය කිරීම හා හරි වැරැදි කරුණු පෙන්වා දීම හිර ගෙදරට සහ බන්ධනාගාරයට යෑමට හේතුවක් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කුණ්ඩසාලේදී ඊයේ (මාර්තු 31) පැවසීය.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දුන් 15% පොළිය වෙනුවෙන් කතා කිරීම, රැකියා විරහිත උපාධිධාරීන් වෙනුවෙන් කතා කිරීම, ගුරු-විදුහල්පති වැටුප් ගැන, සූර්ය බල ශක්තිය ගැන කතා කිරීමත්, ඩීසල් මාෆියාව විවේචනය කිරීම, විරුද්ධ වීම, මහජන ආරක්ෂාව ගැන කතා කිරීම, මිනීමරු සංස්කෘතිය ගැන කතා කිරීම රජයේ මන්ත්‍රිවරුන්ට අනුව බන්ධනාගාර ගතවීමට හේතුවක් වී ඇති බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේ ය.

ආණ්ඩුවේ භයංකාර කතාවලින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීම ඉස්මතු වන බව ත් භාෂණයේ නිදහස හා මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුවන බව ත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ අනුව අද වන විට කතා කිරීමේ නිදහසටත් වැට බැඳ තිබෙන බව ද ඔහු සඳහන් කළේ ය.

වත්මන් ආණ්ඩුවට ජනවරම ලැබුණේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට මිස ඒකාධිපතිවාදය ක්‍රියාත්මක කිරීමට නොවන බව ත් ඉදිරියටත් විපක්ෂය ජනතා ගැටලු ගැන කතා කරන බව ත් සජිත් ප්‍රේමදාස සඳහන් කළේ ය.

දුප්පත්කම තුරන් කිරීමට වැඩසටහනේදී රජයේ ඇති මන්දගාමීත්වය තවදුරටත් විපක්ෂය විවේචනයට ලක්කරන බව විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම, ආණ්ඩුව හිටපු ජනාධිපතිවරයාගේ වැල් පාලමේ යෑම රටේ ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය විවේචනය කරන බව ත් පොදු ජනතාවගේ කතා කිරීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින බව ත් විපක්ෂ නායකවරයා පැවසීය.

එහෙත් හිරේ දාන කතා කියා රටට විහිළු සැපයීමෙන් වළකින ලෙස ආණ්ඩුවට කියන බව ත් ජනතාව ජනවරම දුන්නේ ප්‍රශ්නවලට උත්තර සැපයීමට බව ත් ඔහු වැඩිදුරට ත් කීවේ ය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories