2026 ජූලි 27 සඳුදා, 09:54
නවතම පුවත්

පැනලා යන්න බෑ රට ගොඩ ගන්න ඕන

පසුගියදා මුහුණ දීමට සිදු වූ ව්‍යසනය, ස්ථාවර සහ ක්‍රමිකව ගොඩනගමින් තිබූ මෙරට ආර්ථිකයට එල්ල වූ ප්‍රබල ප්‍රහාරයක් බවත්, එවන් අභියෝගයක් හමුවේ සියලු දෙනා වෙත පැවරෙන වගකීම වන්නේ පලා යාම හෝ කණස්සලට පත් වී කම්පාවෙන් බලා සිටීම නොව, රට යළි ගොඩනගනවා යන තිර අදිටනින් යුතුව එක්ව කටයුතු කිරීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ත්‍රිකුණාමලය නාවික සහ සාගරික විද්‍යා පීඨයේදී පැවති අධිකාරියට පත් කිරීමේ සහ විසිරයාමේ පෙළපාළිය අමතමිනි.

එම ව්‍යසනය හමුවේ නාවික හමුදාව ඉටු කරන ලද කාර්යභාරය විශාල බවත්, විශේෂයෙන් කලාඔය වහළ මත මරණ බිය අත්විඳිමින් සිටි ජනතාවට ජීවත්වීමේ අපේක්ෂාව ලබා දෙමින් සහ අහිමි වීමට ගිය ජීවිත විශාල ප්‍රමාණයක් බේරා ගනිමින් නාවික හමුදාව ඉටු කරන ලද මෙහෙවර කෘතවේදීව අගයන බවත් ජනාධිපතිවරයා පැවසීය. ව්‍යසනය හමුවේ ජීවිත බේරා ගැනීමට ගොස් ජීවිත පරිත්‍යාග කළ නාවික හමුදා නිලධාරීන් වෙනුවෙන් සිය ප්‍රණාමය පළ කිරීමටද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.

අද රටක් ලෙස මුහුණ දී සිටින විශාලතම අභියෝගය වන මත්ද්‍රව්‍ය උවදුරින් රට මුදා ගැනීමට නාවික හමුදාව ඉටු කරන කාර්යභාරය ද ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ජාතිය ගලවා ගැනීමට ගත යුතු සෑම පියවරක්ම රජය ගන්නා බවත්, මාතෘ භූමිය එම ව්‍යසනයෙන් ගලවා ගැනීමට සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.

ජනාධිපතිවරයා ලෙස තමාටත්, නාවික හමුදාපතිවරයාටත්, සියලු නිලධාරීන්ටත් ධූරය අනුව වෙනස් වගකීම් පැවරී තිබුණද එම සෑම වගකීමක්ම ස්ථාවර රාජ්‍යයක් වෙනුවෙන් අවශ්‍ය බවත්, රටක් ඉදිරියට ගෙන යා හැක්කේ තමන් වෙත පැවරී ඇති වගකීම් නිසි පරිදි ඉටු කිරීමෙන් පමණක් බවත් ජනාධිපතිවරයා පැවසීය.

මෙම අවස්ථාවේදී 2024/03 බඳවාගත් නිලධාරීන් 08 දෙනෙක්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 40 වන බඳවා ගැනීමේ නිලධාරීන් 33 දෙනෙක් සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ 65 වන ශිෂ්‍යභට බඳවාගැනීමේ නිලධාරීන් 28 දෙනෙක් විසිර ගියහ. පුහුණුවීම් කාල සීමාව තුළ විශිෂ්ට දක්ෂතා දැක්වූ මධ්‍ය නිලධාරීන් හට සම්මාන ප්‍රදානය කිරීම සහ අධිකාරියට පත් නිලධාරීන් සඳහා අසිපත් පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories