2026 ජූලි 29 බදාදා, 19:57
නවතම පුවත්

කොළඹ වරායේ බහාලුම් 323ක අභිරහස සෙවීමට ජනපති ඇතුළු පිරිසක් විශේෂ කාරක සභාව හමුවට කැඳවයි

කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂාවකට භාජනය කිරීමකින් තොරව පිටවීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු සිව්දෙනෙකු කැඳවා තිබේ. විශේෂ කාරක සභාවේ සභාපති ගරු හර්ෂණ නානායක්කාර මහතා වෙත ලිපියක් යොමු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, දයාසිරි ජයසේකර, මුජිබර් රහුමාන් සහ ඩී.වී. චානක යන මහත්වරුන් මෙම ඉල්ලීම සිදු කර ඇත.

ඒ අනුව, මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද, අදාළ සිදුවීම වන කාලවකවානුවේ වරාය විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බිමල් රත්නායක මහතා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජනිත රුවන් කොඩිතුවක්කු මහතා ද මෙලෙස සාක්ෂි ලබාදීමට කැඳවා ඇති පිරිස අතර වෙති. මීට අමතරව මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ද සාක්ෂිකරුවෙකු ලෙස නම් කර තිබේ.

අදාළ කාලසීමාව තුළ රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳවත්, මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පත් කරන ලද කමිටු වාර්තාව ඉදිරිපත් කර සාක්ෂි ලබාදීමටත් අමාත්‍යාංශ ලේකම්වරයා කැඳවීමට යෝජනා වී ඇත. බහාලුම් 323ක් කිසිදු පරීක්ෂාවකින් තොරව වරායෙන් බැහැර වීම තුළ සිදුව ඇති මූල්‍ය හෝ ආරක්ෂකමය ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු විමසීමට නියමිත බව වාර්තාවේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories