2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 08:15
නවතම පුවත්

පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ජල මණ්ඩලයෙන් ඉල්ලීමක්

පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍රවල ජල මට්ටම සීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බැවින්, පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය (NWSDB) මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මණ්ඩලය පෙන්වා දෙන්නේ, උෂ්ණාධික තත්ත්වය හේතුවෙන් ජල පාරිභෝජනයද ඉහළ ගොස් ඇති බවයි. පානීය ජල සැපයුම සීමා සහිත බැවින්, වාහන සේදීම, ගෙවතු වගාව ඇතුළු අත්‍යවශ්‍ය නොවන කටයුතුවලට ජලය භාවිත කිරීම අවම කරන ලෙසත්, අත්‍යවශ්‍ය දෛනික කටයුතුවලට පමණක් ජලය භාවිත කරන ලෙසත් NWSDB වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදාහැරීමේදී අඩු පීඩන තත්ත්වයක් ඇතිවිය හැකි බවද ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව, ඊයේ (ජූලි 09) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ සැලකිය යුතු වර්ෂාපතන තත්ත්වයක් දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් වාර්තා වී නොමැත. වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 9ක් වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ ගුරුළුවාන ප්‍රදේශයෙනි.

කාසල්රී, නෝටන්, මාඋස්සාකැලේ, කැනියන්, ලක්ෂපාන, කුකුළේ ගඟ ආදී විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලින් මිලිමීටර් 0.9ත් 5.5ත් අතර වර්ෂාපතනයක් වාර්තා වී තිබුණද, මහවැලි ජලාශ ආශ්‍රිතව වැසි තත්ත්වයක් වාර්තා වී නොතිබිණි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජලාශවල ජල මට්ටම සමස්ත ජල ධාරිතාවයෙන් සියයට 65ක මට්ටමක පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) එච්.එම්.පී.එස්.ඩී. හේරත් මහතා පැවසීය. කෙසේ වෙතත්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් පානීය ජලය සපයාගන්නා වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැව්වල ජල මට්ටමේ අඩුවීමක් සිදුව නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම තත්ත්වය හමුවේ ජනතාව ජලය භාවිතයේදී වඩාත් වගකීම් සහගත විය යුතු බව බලධාරීහු අවධාරණය කරති.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories