2026 ජූලි 31 සිකුරාදා, 14:36
නවතම පුවත්

ශ්‍රී ලංකා යොවුන් පිලේ ප්‍රධාන පුහුණුකරු චාමර සිල්වා

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් හිටපු ටෙස්ට් ක්‍රීඩක චාමර සිල්වාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරග අංශ 3 ම නියෝජනය කර ඇති චාමර සිල්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තෙවැනි ශ්‍රේණිය සුදුසුකම් ලත් පුහුණුකරුවකු වේ.

මෙරට පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව පුළුල් දැනුමක් මෙන්ම පුහුණු අත්දැකීම් ඇති චාමර සිල්වාගේ සේවා කාලය 2025 මාර්තු 01 වැනිදා සිට 2026 දෙසැම්බර් 31 වැනිදා තෙක් බලපැවැත්වෙනු ඇත.

අදාළ ධුරයේ වැඩකටයුතු භාර ගැනීමට පෙර චාමර පොලිස් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙසද ඊට පෙර බ්ලූම්ෆීල්ඩ් සහ පානදුර යන ක්‍රීඩා සමාජාවල ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 11 ක් නියෝජනය කර ඇති දකුණත් පිතිකරුවා එක්දින තරග 75 ක් සහ විස්සයි-20 ජාත්‍යන්තර තරග 16 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත. එක්දින තරග අංශය යටතේ ඉන්දියාවට එරෙහිව වාර්තා කරන ලද ශතකයද සමග ජාත්‍යන්තර තරග දිවියේ ලකුණු 2269ක් රැස් කිරීමට සමත්ව සිටියි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ දක්ෂතා වර්ධනය කිරීම මෙන්ම 2026 වසරේදී පැවැත්වීමට නියමිත අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම සූදානම් කිරීම චාමරගේ ප්‍රධාන වගකීම වී තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories