2026 ජූලි 31 සිකුරාදා, 05:29
නවතම පුවත්

මීට පස්සෙ ගස් නැගලා මැච් බලන්න බෑ

රංගිරි දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අන්තර්ජාතික තරග නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන්ට ගස් මුදුන්වලට නැගීම තහනම් කිරීමට තීරණයක් ගෙන ඇතැයි වාර්තා වේ.

රංගිරි දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණ කළමනාකාරීත්වයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව, ප්‍රවේශපත්‍ර නොමැතිකම හේතුවෙන් ආපසු හැරී ගිය ප්‍රේක්ෂකයෝ තරඟ නැරඹීමට වාසිදායක ස්ථානයක් ලෙස ක්‍රීඩාංගණයේ ‘එෆ්’ කලාපයේ පිහිටි උස ගස් වෙත නැග තරග නැරඹීමට පුරුදුව සිටිති. .

කෙසේවෙතත්, ප්‍රේක්ෂකයන්ට දඹුල්ල ක්‍රීඩාංගණයේ ‘එෆ්’ කලාපයේ පිහිටි ගස්වලට නැගීමට නොහැකි වන පරිදි බාධක ඉදිකරමින් ඔවුන්ගේ ක්‍රියාවෙන් සිදුවන අනතුර පිළිබඳ දැනුවත් කිරීම සඳහා පුවරු සවි කිරීමට දඹුල්ල ක්‍රීඩාංගණ නිලධාරීන් තීරණය කර ඇත.

දඹුල්ල ක්‍රීඩාංගණයේ කළමනාකාරීත්වයේ නිලධාරියකු පවසා ඇත්තේ ඉහත කලාපයේ පිහිටි කොහොඹ ගසක් එහි සේවකයන් විසින් දැනටමත් උදුරා දමා ඇති බවයි.

තරග නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන් නිරන්තරයෙන් නැඟුණු ඒ අසල පිහිටි මයිල ගසක් ද මේ වන විට අවදානම් තත්ත්වයක පවතින අතර එය කඩා වැටීමේ අවදානමකට ලක්ව ඇති බව ද ඔහු සඳහන් කර තිබේ.

ඔහුට අනුව ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු එක්දින තරගය පැවැති පසුගිය බදාදා (13) සිට ප්‍රේක්ෂකයන් ගස් මුදුන්වලට නැගීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories