2026 ජූලි 27 සඳුදා, 20:13
නවතම පුවත්

ආපදා හමුවේ රිදුණු දරුවන්ගේ හිත් සුවපත් කිරීම වැඩිහිටි අපේ වගකීමක්

ආපදා තත්ත්වයෙන් පසු දරුවන්ගේ මානසික සුවතාවය සුරැකීම සහ ඔවුන්ගේ සිත් නැවත නොපෑරෙන ලෙස කටයුතු කිරීම වැඩිහිටියන්ගේ ප්‍රමුඛතම වගකීමක් බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කළාය. ඇය මේ බව පැවසුවේ ඊයේ (17) කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි. ආපදා තත්ත්වය හමුවේ දරුවන් විවිධ කම්පනයන්ට ලක්විය හැකි බැවින් ඔවුන් සමඟ ගනුදෙනු කිරීමේදී වැඩිහිටියන් ඉතා කල්පනාකාරී විය යුතු බව ඇය එහිදී අවධාරණය කළාය.

විශේෂයෙන් පාසල්, පෙර පාසල්, මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වැනි දරුවන් නිරන්තරයෙන් ගැවසෙන ආයතනවල නිලධාරීන් සහ ගුරුවරුන් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුය. ආපදාවෙන් පසු දරුවන් යළි අධ්‍යාපන කටයුතු සඳහා පැමිණෙන විට ඔවුන්ගේ මානසික මට්ටම තේරුම් ගනිමින් කටයුතු කරන ලෙස අමාත්‍යවරිය පෙර පාසල් පාලිකාවන් ඇතුළු සියලු අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළාය.

මෙහිදී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය (NCPA) විසින් සකස් කරන ලද දරුවන් සඳහා මානසික ප්‍රථමධාර සහ හදිසි ආපදා තත්ත්වයන්හිදී ළමා ආරක්ෂාව සහතික කිරීම සඳහා වන මාර්ගෝපදේශ අත්පොත පිළිබඳව ද විස්තර කෙරිණි. දරුවෙකු මානසික කම්පනයකට ලක්ව ඇති බව හඳුනා ගන්නේ කෙසේද සහ එවැනි අවස්ථාවක ඔවුන්ට ලබාදිය යුතු මනෝ සමාජයීය සහයෝගය පිළිබඳව එම මාර්ගෝපදේශ මාලාවේ පැහැදිලිව දක්වා ඇත.

මෙම අවස්ථාවට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මනෝ සමාජයීය අංශයේ වැඩබලන සායනික මනෝ විද්‍යාඥ ප්‍රියංගිකා රත්නායක මහත්මිය ද සහභාගී වූවාය. දරුවන්ට අවශ්‍ය ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම සහ ඔවුන්ගේ බිය සහ සැකය දුරු කිරීම සඳහා ක්‍රියාකාරකම් මූලික කරගත් මැදිහත්වීම්වල වැදගත්කම පිළිබඳව ඇය එහිදී කරුණු පැහැදිලි කළාය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories