2026 ජූලි 29 බදාදා, 02:20
නවතම පුවත්

කංසා වගාවට දේශීය ආයෝජකයින්ටත් අවසර දීමට සූදානම්

මෙතෙක් විදේශීය සමාගම් සඳහා පමණක් සීමා වී තිබූ කංසා වගා ව්‍යාපෘතියේ ඉදිරි අදියර සඳහා දේශීය ආයෝජකයින්ට අවස්ථාව ලබා දීමට රජය සැලසුම් කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමූණි මහතා ප්‍රකාශ කරයි.

ව්‍යාපෘතියේ මූලික අදියර සඳහා ආයෝජන මණ්ඩලය විසින් පනවා ඇති දැඩි කොන්දේසි යටතේ විදේශීය ආයෝජකයින් තෝරාගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම මූලික ව්‍යාපෘතිය සඳහා ලැබුණු අයදුම්පත් 37ක් අතරින් සමාගම් හතක් පමණක් තෝරාගෙන තිබේ.

“මෙම මුල් අදියර යටතේ තෝරාගත් විදේශීය ආයෝජකයින් මේ වසරේ පසු භාගයේ දී අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට නියමිත අතර, වගා කටයුතු ලබන වසරේ දී ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ. තෝරාගත් සමාගම් කිහිපයකට කංසා කොළ, මල් සහ ශාකයේ අනෙකුත් කොටස් අපනයනය කිරීම සඳහා දැනටමත් රජයේ අනුමැතිය හිමි වී තිබෙනවා,” යැයි ඔහු පැවසීය.

ඇතැම් කණ්ඩායම්වලින් විරෝධතා මතු වුවද, රජය මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට කැපවී සිටින බව විජේමූණි මහතා අවධාරණය කළේය.

මීළඟ අදියරේ දී දේශීය ආයෝජකයින්ගේ සහභාගීත්වය මෙම ව්‍යාපෘතිය වඩාත් සාර්ථක කරනු ඇතැයි රජය විශ්වාස කරයි. ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ මීරිගම පිහිටි ආයෝජන මණ්ඩලයට (BOI) හිමිකාරීත්වය දරන අක්කර 65ක භූමි භාගයක විශේෂ ආරක්ෂක විධිවිධාන යටතේය.

රජයේ මෙම තීරණය මඟින් රටට නව විදේශ විනිමය ගෙන ඒම සහ දේශීය කෘෂිකර්මාන්තයට නවෝත්පාදන අවස්ථා හඳුන්වා දීම අපේක්ෂා කෙරේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories