2026 ජූලි 29 බදාදා, 22:52
නවතම පුවත්

මැතිවරණයෙන් තේරී පත්වූ සභිකයින්ගේ නම් ඉදිරිපත් කිරීමේ කාලය අවසන්

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීම සඳහා ලබා දී ඇති කාල සීමාව අද (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් පැවසුවේ නම් ලැබුණු වහාම මැයි 31 වනදා එම නම් සඳහන් ගැසට් පත්‍රය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවය.

පළාත් පාලන ආයතනවල ධූර කාලය 2025 ජූනි 2 වනදා ආරම්භ විය යුතු බවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා පසුගිය පෙබරවාරි 17 වන දා නිකුත් කර ඇති ගැසට් නිවේදනය මගින් නියම කර තිබේ.
පළාත් පාලන ආයතනවල ධූර කාලය ආරම්භ කිරීමට පෙර තේරී පත්වූ සහ තෝරා එවා ඇති සභිකයින්ගේ නම් ගැසට් මගින් පළ කළ යුතුව ඇත.

මැතිවරණ කොමිෂන් සභාව විසින් මැයි 27 වනදා ගැසට් නිවේදනයක් ද නිකුත් කරනු ලැබුවේ, තේරීපත් වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත කඩිනමින් ඉදිරිපත් කරන ලෙසයි. පළාත් පාලන මැතිවරණය පවත්වා දින 21ක් ගත වුවද මැතිවරණයෙන් තේරී පත්වූ සභිකයින්ගේ නම් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලැබීමට අපොහොසත් වීම හේතුවෙන් බවද සඳහන් වේ.

තවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළේ, සභිකයින්ගේ නම් ගැසට් කිරීමෙන් පසු පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී අදාළ පළාත් පාලන ආයතනයේ 50% වැඩි ඡන්ද ප්‍රතිතශයක් ලබා ගත් පක්ෂය විසින් නම් කර එවනු ලැබූ පළාත් පාලන ආයතනයේ සභාපති සහ උප සභාපතිවරයාගේ නම් ද ගැසට් කිරීමට පියවර ගන්නා බවයි.

ඒ අනුව, අද මධ්‍යම රාත්‍රියට පෙර සියලු සභිකයින්ගේ නම් අදාළ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් අදාළ පළාත් පාලන ආයතනයේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීයා යැවිය යුතු වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories