මේ වසරේ දිවයිනට පැමිණි සමස්ත සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 22 සීමාව ඉක්මවා ගොස් ඇති බව සංචාරක අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශ කර සිටියි.
සංචාරක අමාත්‍යාංශයේ දත්ත වලට අනුව, ඊයේ (දෙසැම්බර් 15) වන විට සංචාරකයින් 2,208,000ක් දිවයිනට පැමිණ තිබේ. මෙය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ කැපී පෙනෙන වර්ධනයක් ලෙස සැලකේ.