2026 ජූලි 27 සඳුදා, 18:52
නවතම පුවත්

AI තාක්ෂණය පිළිබඳව උතුරේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරයි

රාජ්‍ය නිලධාරීන් අතර කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ජනාධිපති ලේකම් කාර්යාලය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ එක්ව ක්‍රියාවට නංවා ඇති “AI for Transforming Public Service” පුහුණු වැඩමුළුවක් උතුරු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ දී පවත්වා තිබේ.

ඩිජිටල්කරණය සහ කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය තුළින් රාජ්‍ය අංශයේ නව්‍යකරණය සහ ප්‍රතිසංස්කරණය, මහජන සේවා කාර්යක්ෂම කිරීම, නව විදේශ පුහුණු අවස්ථා සඳහා යොමු කිරීම, ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්ති සඳහා සූදානම් කිරීම, රාජ්‍ය නිලධාරීන්ගේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ සාක්ෂරතාව වැඩිදියුණු කිරීම සහ දියුණු ලෝකයට සරිලන නිලධාරියෙකු නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු විය.

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා මෙම වැඩමුළුවේ ප්‍රධාන දේශනය සිදු කළ අතර, ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීහු සම්පත් දායකයෝ ලෙස එක් වූහ. වැඩසටහන අවසානයේ ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා වටිනා සහතිකපත් ප්‍රදානයක් ද සිදු කෙරිණ.

උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායහන්, උතුරු පළාත් ප්‍රධාන ලේකම් තනුජා මුරුගේසන් මහත්ම මහත්මීහු, උතුරු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්, පළාත් අමාත්‍යාංශ ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීහු සහ උතුරු පළාතේ රාජ්‍ය ආයතනවල විධායක නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories