2026 ජූලි 29 බදාදා, 03:25
නවතම පුවත්

විනය පරීක්ෂණයේ නිවැරදිකරුවන් යළි වැරදිකරුවන් කරලා!

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට එරෙහිව පවත්වන ලද විධිමත් විනය පරීක්ෂණවලින් නිවැරදිකරුවන් බවට පත්වූ සෞඛ්‍ය නිලධාරීන් 19 දෙනෙකු පමණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (විමර්ශන) තාරකා කරුණාරත්න මහත්මිය විසින් යළි වැරදිකරුවන් බවට නිර්දේශ කර ඇතැයි වෛද්‍ය සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

විධිමත් විනය පරීක්ෂණ සඳහා දීර්ඝ කාලයක් සහ විශාල මුදලක් වැය වන බව පෙන්වා දෙන වෛද්‍ය චමල් සංජීව, එම පරීක්ෂණවලින් ලබා දෙන තීරණ මෙලෙස වෙනස් කරන්නේ නම්, එම පරීක්ෂණ සඳහා වැය කළ මුදල් අදාළ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් අය කර ගැනීමට රජය කටයුතු කළ යුතු බව සඳහන් කරයි.

මීට අදාළව තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ විමසීමකට අනුව, 2025 ජූලි 24 දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තාරකා මේධාවී දිසානායක මහත්මිය විසින් නිකුත් කරන ලද ලිපියක් මගින් මෙම තත්ත්වය සනාථ වන බව ඔහු පෙන්වා දෙයි. එම ලිපියට අනුව, විධිමත් විනය පරීක්ෂණවලදී සෞඛ්‍ය සේවකයින් 13 දෙනෙකු නිවැරදිකරුවන් වූ අතර, ඉන් 19 දෙනෙකු පමණ යළි වැරදිකරුවන් බවට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කර ඇත.

මෙම තත්ත්වය අතිශයින් කණගාටුදායක බවත්, විධිමත් විනය පරීක්ෂණ කෙරෙහි තැබූ විශ්වාසය බිඳ දමන ක්‍රියාවක් බවත් චමල් සංජීව මහතා පෙන්වා දෙයි. එම නිසා, මේ පිළිබඳව වෙනම විමර්ශනයක් පවත්වන ලෙස ඔහු සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories