2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 20:06
නවතම පුවත්

පොරොන්දු කඩ කළ ජාතික ජනබලවේගය – කාදිනල් හිමිගෙන් දැඩි ප්‍රහාරයක්!

මීට වසර හයකට පෙර සිදුවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ රාජ්‍ය ආයතන කටයුතු කරන ආකාරය දැඩි ලෙස විවේචනය කරමින් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් අද (ජූනි 13) දැඩි ප්‍රකාශයක් සිදු කළේය. දේව මෙහෙයක් අමතමින් උන්වහන්සේ සඳහන් කළේ, විශේෂයෙන්ම ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් වූ පොරොන්දු තවමත් ඉටු නොවී තිබීම තමන් සසල කරවන බවයි.

කාදිනල් හිමියන් පෙන්වා දුන්නේ, වසර හයක් ගත වී ඇතත්,
“ඒ කතන්දරය ඉවර වෙන්නේ නෑ වගේ මේ වැඩ පිළිවෙල පිටුපස්සේ ක්‍රියාත්මක වුණු කණ්ඩායම කවුද කියලා හොයාගන්නට තාමත් අපට බැරි වෙලා තියෙනවා.” යන්නයි. “මෙච්චර උත්සාහ කරලත් ඕක හොයාගන්න බැ අවුරුදු හයක් තිස්සේ ඕනෑවට එපාවට ඒ වැඩේ කරනවා නම් අපි ඒ මිනිස්සුන්ගේ ජීවිත වලට කරන්නේ අගෞරවයක්,” උන්වහන්සේ තරයේ කියා සිටියේය.

අධිපති කොමිෂන් සභා වාර්තාවේ පළමු වෙළුමේ සඳහන් 200කට අධික නිර්දේශ කිසිවක් ක්‍රියාවට නැංවීමට මේ දක්වා කිසිදු දේශපාලන නායකයෙක් හෝ පක්ෂයක් ක්‍රියාත්මක වී නොමැති බවත්, ඒ පිළිබඳව නිසි යාන්ත්‍රණයක් හෝ ආරම්භ කර නොමැති බවත් කාදිනල් හිමියෝ පෙන්වා දුන්හ. විශේෂයෙන්ම, මේ මහා ව්‍යසනය ගැන කලින් දැන සිටියත් එය වැලැක්වීමට නිලබලයෙන් වගකීමක් තිබුණත් කිසිවක් නොකළ හිටපු ජනාධිපතිවරයෙකු, අගමැතිවරයෙකු, පොලිසියේ හා ආරක්ෂක අංශවල උසස් නිලධාරීන් සම්බන්ධයෙන් වාර්තාවේ නිර්දේශ කර ඇති පරිදි නීතිපතිවරුන් හා එම දෙපාර්තමේන්තුව කිසිදු මිත්‍යානුකූල හෝ විනයානුකූල ක්‍රියා මාර්ගයක් ගෙන ඇති බවක් නොපෙනෙන බව උන්වහන්සේ බලවත් කණගාටුවෙන් යුතුව සඳහන් කළේය.
“මෙතෙක් කල් නීතිපති දෙපාර්තමේන්තුව මේ ගැන කිසිවක් නොකර සිටීම ලැජ්ජා සහගත බව කිව යුතුය,” උන්වහන්සේ තවදුරටත් අවධාරණය කළේය.

“ඇතැම් දේශපාලන නායකයින් හට බැල මෙහෙවර කිරීමට ඇති ආශාව තුළ හැසිරෙන මෙවැනි දෙපාර්තමේන්තු හා රජයේ උසස් යැයි කියාගන්නා නිලධාරීන් හැසිරෙන ආකාරය අපි දකිමු,” යැයි කාදිනල් හිමියෝ චෝදනා කළහ. පසුගිය මැතිවරණ සමයේදී රජය විසින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට දුන් පොරොන්දුවක් වූ, මේ පිළිබඳව වෝහාරිකව පැවැත්වෙන විමර්ශන වලට මග පෙන්වීමට සහ උදව් වීමටත්, ප්‍රහාරයේ නඩු කටයුතු පවත්වාගෙන යාමටත් බලතල ඇති විශේෂ අභිචෝදකවරයෙකු සහ කාර්යාලයක් ස්ථාපිත කිරීමේ පොරොන්දුව මෙතෙක් ඉටු වී නොමැති බව උන්වහන්සේ කනගාටුවෙන් ප්‍රකාශ කළේය.

ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳවද උන්වහන්සේ විශේෂයෙන් අවධානය යොමු කළේය.
“ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අප වෙත ඉදිරිපත් කරමින් එදා පාස්කු ප්‍රහාර විමර්ශන පිළිබඳව අපට දුන් පොරොන්දුව තවමත් එලෙසම ඉටුවී නොමැතිවීම හා ඒ සඳහා මූලික වැඩ පිළිවෙලක් හෝ දියත් කිරීමට නොහැකිවීම අප සසල කරවන්නක්,” යැයි කාදිනල් හිමියෝ අවසන් වශයෙන් සඳහන් කළහ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories