2026 ජූලි 29 බදාදා, 03:52
නවතම පුවත්

අවුරුදු උළෙලට විකාර එපා- නියෝජ්‍ය ඇමති ඉල්ලයි

අවුරුදු උත්සවවලදී සංස්කෘතියට නොගැළපෙන අංග එකතු කිරීමෙන් වැළකී සිටින ලෙස බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක උත්සව සංවිධායකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

විනෝදය පිණිස අසභ්‍ය අංග එකතු කිරීම තුළ සම්පූර්ණයෙන් ම හානි වන්නේ සිංහල, දෙමළ සංස්කෘතිය බව ත් බිම් මට්ටමින් සෑම අවුරුදු උත්සවයක් ම නිරීක්ෂණය කළ නොහැකි නිසා අවබෝධය මත සංවිධායකයන් ක්‍රියා කළ යුතු බව ත් ඔහු පැවසීය.

මේ අතර, එවැනි අසංස්කෘතික අංග එකතු කිරීම් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම කොයිතරම් දුරට වලංගුදැයි සොයා බලන බව ද ඔහු කීය.

මෙම ඉල්ලීම් නොතකා අත්තනෝමතිකව යම් කිසි අවුරුදු උත්සවයක් සංවිධානය වන්නේ නම් නීතිමය රාමුව තුළ ක්‍රියාකළ හැකි ආකාරය පිළිබඳ සොයාබලන බව අවධාරණය කළ නියෝජ්‍ය ඇමතිවරයා සංස්කෘතික අංග රැකෙන පරිදි අවුරුදු උත්සව සංවිධානයට ජන මාධ්‍ය, සමාජ මාධ්‍යය, සංස්කෘතික නිලධාරීන්, බෞද්ධ කටයුතු සමායෝජකයන් හරහා පෙළඹවීම් කළ යුතු බව ද ප්‍රකාශ කළේ ය.

මේ අතර, අවුරුදු නැකැත් සැකසීමේදී ලබන වසරේ සිට රාජ්‍ය නැකැත් කමිටුවට අමතරව දිවයිනේ සෙසු ජ්‍යොතිර්වේදීන්ව ද සහභාගී කර ගන්නා බව ත් අවුරුදු නැකැත් සම්බන්ධව විවිධ පාර්ශ්වවල විවේචන වළක්වා ගැනීමේ අරමුණින් මෙසේ නැකැත් කමිටුවෙන් පරිබාහිර ජ්‍යොතිර්වේදීන්ව ද සහභාගී කරගන්නා බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

මෙවර සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ඇතුළත් නැකැත් මේ වන විටත් සකසා ඇති බව ත් නැකැත් සැකසීම සඳහා ඇතැම් ජ්‍යොතිර්වේදීන් සම්බන්ධ නොකර ගැනීම, යම් පාර්ශ්වයක් සකසන ලද ඒවාට අනුගත වීමට ඔවුන් එකඟ නොවීම යන කරුණු මත කමිටුවෙන් පරිබාහිර ජ්‍යොතිර්වේදීන් අතර සැක මතුවීම වළක්වා ගැනීමට මෙම වැඩපිළිවෙළ ඉවහල් වන බව ත් ඔහු පැවැසීය.

බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ජ්‍යොතිර්වේදීන් සමග මේ පිළිබඳ පසුගිය කාලයේදී සාකච්ඡා සිදුකළ බව ත් ඉන්පසු විරෝධතාවක් ඇති නොවුණු බව ත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories