2026 ජූලි 29 බදාදා, 06:04
නවතම පුවත්

මහනුවර ඇසළ පෙරහැරට අලි ඇතුන්ගේ සැලකිය යුතු අඩුවක්

මහනුවර ඇසළ පෙරහැරට අදාළ කටයුතු මේ දිනවල ශ්‍රී දළදා මාලිගාව සහ රාජ්‍ය නිලධාරීන්ගේ පූර්ණ සහයෝගය ඇතිව සිදුවෙමින් පවති. දළදා සමිඳුන්ගේ ආශිර්වාදයත්, සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රත් පෙරටු කරගෙන මේ දැවැන්ත සංවිධාන කටයුත්ත සාර්ථක කර ගැනීමට සියලු දෙනාම කැපවී සිටින බවයි වාර්තා වේ. කෙසේ වෙතත්, මේ අසිරියට එක්වීමට සූදානම් වන පෙරහැර සංවිධානයට බලපාන ප්‍රධාන අභියෝගයක් ලෙස දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පෙන්වා දෙන්නේ, පෙරහැර සඳහා අවශ්‍ය අලි ඇතුන්ගේ සංඛ්‍යාවේ සැලකිය යුතු අඩුවක් පැවතීමයි.

මීට වසර කිහිපයකට පෙර අප රටේ සිටි හීලෑ අලි ඇතුන් සංඛ්‍යාව 200ක් පමණ වුවත්, එය මේ වන විට 96ක් දක්වා පහත වැටී ඇති බව දියවඩන නිලමේවරයා සඳහන් කළේය. මෙයින් පෙරහැර සඳහා යොදාගත හැකි අලි ඇතුන් සංඛ්‍යාව 50ක් පමණ වන බවද ඔහු වැඩිදුරටත් පැවසු අතර කන්ද උඩරට ඇසළ පෙරහැර සාර්ථකව පැවැත්වීම සඳහා අලි ඇතුන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය වන නිසා, මේ තත්ත්වය සංවිධායකයන්ට මහත් ගැටලුවක් වී තිබේ.

මේ අභියෝග මධ්‍යයේ වුවද, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ප්‍රකාශ කළේ මෙවර කන්ද උඩරට ඇසළ පෙරහැර සාර්ථකව සංවිධානය කිරීමට අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බවයි. පෙරහැරේ උත්සව කාලසටහනට අනුව, ජූලි මස 25 වන දින උදෑසන 6.05ට යෙදෙන සුබ මොහොතින් කප් සිටුවීමේ චාරිත්‍රයෙන් මෙවර ඇසළ පෙරහැර ආරම්භ වීමට නියමිතයි. දින පහක දේවාල පෙරහැරකින් අනතුරුව, පළමු කුඹල් පෙරහැර ජූලි මස 30 වන දින වීථි සංචාරය කිරීමට නියමිතයි. පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු මස 04 වන දින ආරම්භ වන අතර, අවසාන මහ රන්දෝලි පෙරහැර අගෝස්තු මස 08 වන දිනට යෙදී ඇති නිකිණි පුන් පොහෝ දින රාත්‍රියේ පැවැත්වේ. මෙය පෙරහැරේ උච්චතම අවස්ථාවයි. අගෝස්තු 09 වන දින උදෑසන දිය කැපීමේ මංගල්‍යය සිදු කෙරෙන අතර, එදිනම දහවල් පෙරහැරද ශ්‍රී දළදා මාලිගාව වටා තෙවරක් පැදීමෙන් මෙවර ඇසළ පෙරහැර නිල වශයෙන් අවසන් වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories