2026 ජූලි 29 බදාදා, 06:52
නවතම පුවත්

බංග්ලාදේශයට ඓතිහාසික ටෙස්ට් ජයක්

සත්කාරක පාකිස්තානු කණ්ඩායම පරාජය කර තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම අද (25) සමත් විය.

මෙහිදී පාකිස්තානයෙන් හිමිවූ ලකුණු 30ක පහසු ඉලක්කය බංග්ලාදේශ ආරම්භක පිතිකරු යුගළ විසින්ම හඹා ගියහ.

මෙය බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ ඔවුන් පාකිස්තානු කණ්ඩායමක් ටෙස්ට් තරගයකදී පරාජය කර පළමු හා එකම අවස්ථාව ලෙසින් වාර්තා අතරට එක්විය.

රාවල්පිණ්ඩි හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය සිය පළමු ඉනිමට කඩුලු 06ක් දැවී ලකුණු 448ක් රැස්කර ඉනිම අත්හිටුවීය.

කෙසේ නමුත් ඊට පිළිතුරු ලෙසින් බංග්ලාදේශය තම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 565ක් රැස්කළේය.

එහිදී අතිවිශිෂ්ට ඉනිමක් ගොඩනැගූ මුෂ්ෆිකර් රහීම් ලකුණු 191ක් රැස්කිරීමට සමත් විය.

ඒ හේතුවෙන් පාකිස්තානයට ලකුණු 117ක් පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹීමට සිදු විය. 

නමුත් පාකිස්තානු දෙවැනි ඉනිම ලකුණු 146කට සීමා වූ අතර,  ඒ වනවිට ඔවුන් බංග්ලාදේශ දෙවැනි ඉනිමට වඩා ඉදිරියෙන් සිටියේ ලකුණු 29ක් පමණි.

වසර 23ක (2001 – 2024) බංග්ලාදේශය – පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මීට පෙර දෙරට අතර ටෙස්ට් තරග 13ක් පවත්වා තිබූ අතර, ඉන් එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන්වීම හැරෙන්න තරග 12ක ජය තහවුරු කරගෙන තිබුණේ පාකිස්තානු කණ්ඩායමය.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම මේ වනවිට ටෙස්ට් ක්‍රීඩාකරන රටවල් අතරින් ඇෆ්ගනිස්තානය (1), ඔස්ට්‍රේලියාව (1), එංගලන්තය (1), අයර්ලන්තය (1), නවසීලන්තය (2), ශ්‍රී ලංකාව (1), බ.ඉ. කොදෙව් (4) හා සිබ්බාබ්වේ (8) යන කණ්ඩායම් එක්වරක් හෝ පරාජය කර ඇත.

තවදුරටත් ඔවුන්ට පරාජය කිරීමට නොහැකිව සිටින්නේ ඉන්දියාව හා දකුණු අප්‍රිකාව පමණි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories