2026 අගෝස්තු 01 සෙනසුරාදා, 00:46
නවතම පුවත්

රාජ්‍ය සේවකයාට හෝ කාටහරි පඩි වැඩිකරනවා

මතු පරපුර ගැන සිතා සිය පාලනය තුළ කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක, නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක, නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කළ ජන රැලියක් කුරුණෑගලදී ඊයේ (15) පැවැත්වුණි.

“මීට මාස කිහිපයකට පෙර රාජ්‍ය සේවකයාට හෝ කාටහරි පඩි වැඩිකරනවා නම්, බදු වැඩිකරන්න ඕනේ කියපු අයත් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල, පඩි වැඩිකරන්න අද කතා කරලා තියෙනවා. එකට එකක් පරස්පර විරෝධී ප්‍රතිපත්ති හැම අපේක්ෂකයෙක්ම ගිය මාස දෙක තුන අතර ප්‍රකාශ කරලා තියෙනවා. මට හිතාගන්න බැරි ඔවුන් රවට්ටන්න හදන්නේ, තමන්වද ? ඡන්දදායකයා ද? කියන කාරණය. අපි කරන්න පුළුවන් දේ පුළුවන් කියනවා. බැරි දේ බැහැයි කියනවා. අපේ තාත්තා අපිට උගන්වලා තියෙන්නේ ඒ විදියට. අපි අභියෝගවලට බය නෑ. අපි අභියෝගවලට ආදරේ කරනවා. අපි නූතනත්වයට යන්න ඕනේ නම්, නවීකරණය වෙන්න ඕනේ. නවීකරණය කියන්නේ නූතන රාජ්‍ය යාන්ත්‍රණය තාක්ෂණය එක්ක බද්ද කරන එක. මේ දරුවන්ට අවශ්‍ය සංවර්ධනය, දරුවන්ට අවශ්‍ය හෙට දවස, දරුවන්ගේ අධ්‍යාපන කේෂ්ත්‍රය තුළ ඉගෙන ගන්න දෙයින් තෘප්තිමත්ව, සතුටින් රස්සාවක් කරන්න පුළුවන්, හොඳ ආදායමක් ලබන්න පුළුවන් ආර්ථික පසුබිමක් හදන එක. අපි අද තීන්දු තීරණ ගන්නේ වර්තමානයේ අපේ වයස්වල ඉන්න තරුණ තරුණියන් වගේම ශිෂ්‍යත්වය ලියන දරුවන්ට වගේම, හෙට උපදින දරුවන් වෙනුවෙන් මේ රට සංවර්ධනය කරන්න අවශ්‍ය සැලසුම් එක්ක බව ඔබලාට වගකීමෙන් ප්‍රකාශ කරනවා.”

මේ අතර නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් තවත් ජන රැලියක් ඊයේ පස්වරුවේ පැවැත්වුණේ දඹුල්ල නගරයේදී ය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories