2026 ජූලි 31 සිකුරාදා, 05:12
නවතම පුවත්

අසීමිත බලය වගකීමෙන් හසුරුවන්න – ජනපතිගෙන් ඇමැතිවරුන්ට උපදෙස්

පසුගියදා පැවති මැතිවරණයෙන් ශ්‍රී ලංකාව බෙදුම්වාදී දේශපාලනයේ අවසානය සනිටුහන් කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ නව ඇමැති මණ්ඩලය පත්කිරීමෙන් අනතුරුව කළ කතාවේදීය.

“ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය දිගු කලක් තිස්සේ නිර්වචනය කර ඇත්තේ උතුර දකුණට එරෙහිව සහ නැගෙනහිර බටහිරට එරෙහිව ගෙන ඒමේ උත්සාහයන් මගින්. කෙසේවෙතත්, බෙදුම්වාදී දේශපාලනය තවදුරටත් රට පාලනය නොකරන බව මෙම මැතිවරණය පෙන්නුම් කර තිබෙනවා. එය සාර්ථක ලෙස සියලු ජනතාවගේ බලාපොරොත්තු කේන්ද්‍රගත කර තිබෙනවා.” යනුවෙන් ජනාධිපතිවරයා සඳහන් කළේය.

අමාත්‍යවරුන්ට හිමිවූ අසීමිත බලය වගකීමෙන් යුතුව හැසිරවිය යුතු බවද ජනාධිපති අනුර කුමාර දිසානායක එහිදී ප්‍රකාශ කළේය.

“අපි විශ්වාස කරනවා බලය කියන්නේ විශේෂ දෙයක්. බලය විසින් බලය උත්පාදනය කරනවා, බලය විසින් බලය ප්‍රසාරණය කරනවා. බලය විසින් බලය යළි යළි වර්ධනය කරනවා. හැබැයි සමහරු කියනවා බලය දූෂිතයි, අසීමිත බලය අසීමිත ලෙස දුෂිතයි. ඔප්පු කරලා තියෙනවා. අපේ රටෙත් අවස්ථා කිහිපයක මෙවැනි බලයන් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි ඒ බලයේ අවසාන ප්‍රතිඵලය ජනතාවට සාධාරණ ප්‍රතිඵල ගෙනත් දුන්නේ නෑ. ඒ නිසා සමහරුන්ට සැකයක් ඇති අපිට ලැබුණ අසීමිත බලය කොතැනකට තල්ලු කරයි ද කියලා. අපිට බලය තියෙන එක ඇත්ත ඒ වගේම බලයේ සීමාමායිම් වගේම බලයෙන් සෙල්ලම් කරන්න තියෙන කොටුවේ ප්‍රමාණය අපි හැමකෙනාම දන්නවා. බලයේ අරමුණක් තියෙනවා. දීර්ඝ කාලයක් අපි ජනතාවට දුන් යහපත් අරමුණුවල අපේක්ෂාවන් ඉටුකිරීමේ බලය අපිට පැවරිලා. ප්‍රධානම දේ මේ බලය වගකීම් සහිතයි. එක් අතකින් පුරවැසියන්ට, අනෙක් පැත්තෙන් ව්‍යාපාරයට.මේ බලය අපි හැසිරීමේ දී අපි වගවිය යුතුයි. අපිට වගකීමක් තියෙනවා. අපිට වගවීමක් තියෙනවා. සාමාන්‍ය පුරවැසියෙක්ට වඩා මන්ත්‍රීවරයෙකුට ඊටත් වඩා කැබිනට් අමාත්‍යවරයෙකුට විශාල බලයක් තියෙනවා. හැමදේනාම තේරුම් ගන්න එහි වගකීමක් හා බලයේ බැඳීමක් තියෙනවා. එය ආරක්ෂා කරයි කියලා මම විශ්වාස කරනවා.” ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

නව ආණ්ඩුව බලයට පත් කිරීමට ඡන්දය දුන් සියලු ආධාරකරුවන්ට ජනාධිපතිවරයා කෘතඥතාව පළ කළේ විදේශගත ශ්‍රී ලාංකිකයන් සහ තරුණ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මැතිවරණයේදී දැක්වූ දායකත්වය සහ සහයෝගය පිළිබඳ විශේෂ සටහනක් තබමිනි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories