2026 ජූලි 31 සිකුරාදා, 07:03
නවතම පුවත්

ශ්‍රී ලංකාවට ඉන්දීයාව හමුවේ ලකුණු 60ක පරාජයක්

මැලේසියාවේ පැවැත්වෙන වයස 19න් පහළ කාන්තා විස්සයි- 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (23) පැවති තරගයකින් ඉන්දියාව හමුවේ ලකුණු 60ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

‘A’ කාණ්ඩයේ තරගයක් ලෙසින් මෙම තරගය ක්වාලාලාම්පූර්හිදී පැවැත්විණි.

මෙහිදී ඉන්දීය කාණ්ඩායමෙන් හිමි වූ ලකුණු 119ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 58ක් පමණි.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය යොවුන් කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 118ක් රැස්කිරීමට සමත් විය.

ඉන්දියාව වෙනුවෙන් ඉහළම ඉනිම ක්‍රීඩාකළ ත්‍රිෂා ගොන්ගාදි පන්දු 44කට පමණක් මුහුණදෙමින් ලකුණු 49ක් රැස්කළාය.

කෙසේ නමුත් ඇය හැරෙන්න වෙනත් කිසිදු පිතිකාරිනියකට ලකුණු 16කට වඩා රැස්කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගෙන් අවස්ථාවක් නොලැබුණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රමුදි මෙත්සරා (2/10), ලිමන්සා තිලකරත්න (2/14) හා අසෙනි තලගුණේ (2/24) කඩුලු 2 බැගින් දවාලමින් දක්ෂතා දැක්වූහ.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව තරගය පරාජය වුවත් ඔවුන් දැනටමත් සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලබා සිටියි.

මූලික වටයේ ‘A’කාණ්ඩයෙන් ක්‍රීඩාකළ ශ්‍රී ලංකාව මෙම තරගය පමණක් පරාජය වූ අතර, ඔවුන් බ.ඉ. කොදෙව් හා සත්කාරක මැලේසියානු කණ්ඩායම් පහසුවෙන් පරාජය කිරීමට සමත්විය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories