2026 ජූලි 28 අඟහරුවාදා, 12:14
නවතම පුවත්

ග්‍රීසිය පැතිර යන ලැව්ගිනි පාලනයට යුරෝපා සංගමයේ සහාය පතයි


ග්‍රීසියේ පැතිර යන දරුණු ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා යුරෝපා සංගමයෙන් සහාය ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සතියකට ආසන්න කාලයක් පුරා මෙම ලැව්ගිනි වේගයෙන් පැතිර යමින් පවතින අතර, පවතින දැඩි සුළං තත්ත්වය ගින්න තවත් වේගවත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පසුගිය පැය 24ක කාලය තුළ හටගත් ගිනි ගැනීම් 52න් 44ක් පාලනය කිරීමට ගිනි නිවන භටයින් සමත් වී ඇති බවයි. කෙසේ වෙතත්, ලැව්ගිනි පැතිර යන ප්‍රදේශ ආශ්‍රිත ගම්මානවල පදිංචිකරුවන් වහාම ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව ග්‍රීසියේ මාධ්‍ය වාර්තා කරයි.

දැඩි සුළං හේතුවෙන් ලැව්ගිනි පැතිර යන ප්‍රදේශ ආශ්‍රිතව නිවාස සහ ගොඩනැගිලිවලට දැඩි හානි සිදුව ඇති අතර, ඇතැම් නිවාස සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා කර ඇත. තවද, මෙම ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ද වාර්තා වේ.

ග්‍රීසියේ පවතින අධික උණුසුම් කාලගුණය සහ දැඩි සුළං තත්ත්වය ලැව්ගිනි පැතිර යාමට ප්‍රධාන හේතු වී ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා එරට බලධාරීන් දැඩි වෙහෙසක් ගනිමින් සිටින බව වාර්තා වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories