2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 18:09
නවතම පුවත්

අතිකාල නැත්නම් දුම්රියත් නැහැ – හෙට සිට පැය 48ක දැවැන්ත වර්ජනයක්!

දුම්රිය සේවකයන් දහස් ගණනක්, අතිකාල ගෙවීම් කප්පාදු කිරීමට විරෝධය පළ කරමින්, හෙට (ජුනි 25) සවස 4 සිට පැය 48ක දැවැන්ත වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වේ. මෙම වර්ජනයට දුම්රිය මාර්ග හා කර්මාන්ත, සංඥා ඇතුළු උප දෙපාර්තමේන්තු රැසක සේවකයන් එක්වීමට නියමිත බව දුම්රිය සේවක සංගමය පවසයි.

දුම්රිය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඩී.එම්.ඩී අබේරත්න සඳහන් කළේ, මීට පෙර අතිකාල ගෙවීම් පැයකට පැය එකහමාරක් ලෙස සිදු කළද, මේ වන විට එය පැයකට පැයක් ලෙස අඩු කර ඇති බවයි. “මෙය බලවත් අසාධාරණයක්” යැයි ඔහු අවධාරණය කළේය. දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩිම සේවකයන් පිරිසක් නියෝජනය කරන්නේ දුම්රිය මාර්ග හා කර්මාන්ත උප දෙපාර්තමේන්තුව වන අතර, සංඥා උප දෙපාර්තමේන්තුවේද ඊට ආසන්න සේවක පිරිසක් සිටින බවද ඔහු පෙන්වා දුන්නේය.

වර්තමාන රජය බලයට පැමිණීමට පෙර සිටම ක්‍රියාත්මක වන ප්‍රධාන පෙළේ දුම්රිය වෘත්තීය සමිතියක් වන දුම්රිය සේවක සංගමය මෙම වර්ජනයට නායකත්වය දෙයි. මෙමගින් රටේ දුම්රිය සේවාවලට බරපතළ බාධා එල්ල විය හැකි බවට අනතුරු අඟවා තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories