2026 ජූලි 26 ඉරිදා, 23:50
නවතම පුවත්

දීපාවලිය වෙනුවෙන් ජනාධිපති සුබ පතයි

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන දීපාවලී උත්සවය නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනිය සුබ පැතුම් පණිවිඩ නිකුත් කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සුබ පැතුම් පණිවිඩයේ සඳහන් කර ඇත්තේ, දීපාවලිය සැබැවින්ම ආලෝක පූජාවක් වන අතර, ඒ වෙනුවෙන් සෑම නිවසක්ම එළි කරමින් දැල්වෙන පහන් සිළෙන් මෙරට ජනතාව ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ කෙරෙහි තැබූ අපේක්ෂා ඉටු වේවායි ප්‍රාර්ථනා කරන බවයි.

ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, මේ වන විට රට ඉදිරි ගමනට බාධකයක්ව පවතින මත් උවදුර සහ අපරාධ මැඬලීමට රජය මහත් වෑයමක නිරතව සිටින බවයි. පුරවැසියන්ගේ පමණක් නොව, මෙහි පැමිණෙන සියලු ජනයාගේ ශාරීරික, මානසික, භෞතික සහ චිත්තවේගීය සුරක්ෂිතභාවය තහවුරු කිරීමේ වගකීම රජයක් ලෙස භාරගෙන සිටින බව ද එහි සඳහන් වේ.

සියලු ආගම්වාදී, ජාතිවාදී බලවේග පරාජය කරමින් සමාජ සාධාරණත්වය ස්ථාපිත කිරීමටත්, සියලු දෙනාගේ නිදහස සහ ගෞරවය සුරකින සුරක්ෂිත රටක් ගොඩනැගීමටත් රජය කැප වී ක්‍රියා කරන බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

මේ අතර, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනිය සිය දීපාවලි දින පණිවිඩයෙන් ප්‍රාර්ථනා කර ඇත්තේ, දීපාවලි දිනයේ දැල්වෙන පහන් ආලෝකය, ආර්ථික පුනරුදයට සහ සමාජ සංහිඳියාවට මූල බීජ වැපිරීමට මඟ පෙන්වන ප්‍රඥා ආලෝකයක් වේවා කියාය.

ගම් දනව් සිසාරා දල්වන දහස් සංඛ්‍යාත පහන් ආලෝකයෙන්, සියලු ලාංකිකයන්ගේ සිත් තුළ විශ්වාසය, සංහිඳියාව සහ ප්‍රඥාවේ ආලෝකය උදා වේවායි අග්‍රාමාත්‍යවරිය සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව මේ වන විට සුවිශේෂි හැරවුම් ලක්ෂයක් පසු කරමින් සිටින බවත්, දීර්ඝකාලීන ආර්ථික සහ සමාජීය අන්ධකාරයෙන් හා පසුගාමීත්වයෙන් ගැලවීමට ජනතාව නව බලාපොරොත්තු හා විශ්වාසයන් අත දරා සිටින බවත් ආචාර්ය හරිනි අමරසූරිය මැතිනිය සිය පණිවිඩයෙන් පෙන්වා දුන්නාය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories