2026 ජූලි 28 අඟහරුවාදා, 05:08
නවතම පුවත්

නව හමුදා මූලස්ථානය අසල ප්‍රදේශයකදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කරයි

බත්තරමුල්ල, අකුරේගොඩ, බටපොත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් කපා කොටා සිදුකළ පුද්ගල ඝාතනයක් පිළිබඳව අද (12) පෙරවරුවේ වාර්තා විය. මෙලෙස අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 72 හැවිරිදි වියේ පසුවූ තිදරු පියෙකි. මියගිය පුද්ගලයා සිය නිවසේ කොටසක් කුලියට ලබා දී තිබූ අයෙකු වන අතර, මීට පෙර එම නිවසේ කුලියට සිටි පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට මියගිය අයගේ ඥාතීන් චෝදනා කරති.

අද උදෑසන 7 ට පමණ සැකකරු අදාළ ස්ථානයට පැමිණ ඇති අතර, එම අවස්ථාවේදී අසල කුලී නිවසේ පදිංචිකරුවෙකු විසින් ඔහුව දැක තිබේ. එහිදී දෙදෙනා අතර ඇති වූ දැඩි බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව සැකකරු විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇත. අනතුරුව ඝාතනය සඳහා යොදාගත් ආයුධය එම ස්ථානයේදීම දමා සැකකරු පලාගොස් ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මියගිය පුද්ගලයා මුදල් පොළියට ලබා දීමේ ව්‍යාපාරයක ද නිරතව සිට ඇති අතර, යම් මුදල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories