2026 අගෝස්තු 01 සෙනසුරාදා, 01:44
නවතම පුවත්

රාජිත සේනාරත්නට අසනීපයි , අල්ලස් කොමිසමට නොයයි!

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින්, අද (ජූලි 2) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නොහැකි බව දැනුම් දී තිබෙනවා.
රාජිත සේනාරත්න මහතාට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ, කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලීන්ගෙන් තොරව, අත්තනෝමතිකව සහ අනීතිකව, කුණු කොල්ලයට කොරියානු සමාගමකට ලබා දීමෙන් රජයට විශාල පාඩුවක් සිදු කර ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද උදෑසන 9.00ට අල්ලස් කොමිසමට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට, අල්ලස් කොමිසමේ විශේෂ විමර්ශන අංක 01 හි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් රාජිත සේනාරත්න මහතාට ලිඛිතව දැනුම් දී තිබුණා.

කෙසේ වෙතත්, අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ, අද උදෑසන රාජිත සේනාරත්න මහතාගේ නීතීඥවරයෙක් අල්ලස් කොමිසමට පැමිණ, සේනාරත්න මහතා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් විමර්ශනය සඳහා සහභාගී විය නොහැකි බවට ලිපියක් ලබා දී ඇති බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories