2026 ජූලි 31 සිකුරාදා, 15:34
නවතම පුවත්

ශ්‍රී ලංකාවෙන් වල්ඌරන් සම්පූර්ණයෙන්ම වඳවීමේ අවදානමක්

වනජීවී නිලධාරීන් විසින් නිරීක්ෂණය කරන ලද පරිදි දැනටමත් 100 ක් පමණ මිය ගොස් ඇති අතර, අප්‍රිකානු සූකර උණ හේතුවෙන් ශ්‍රී ලංකාවේ මුළු වල්ඌරු ගහණයම විනාශ වීමේ අවදානමකට මුහුණ දී සිටින බව නිලධාරියෙක් සඳහන් කර ඇත.

මෙම රෝගය දැනටමත් ඌරු මස් කර්මාන්තයට විශාල හානියක් සිදුකර තිබේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනජීවී සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් ‘ඩේලි මිරර්’ ප්‍රකාශ කර ඇති ආකාරයට, මෙම රෝගය හේතුවෙන් වල්ඌරන්ගේ මරණ ප්‍රධාන වශයෙන් යාල ජාතික වනෝද්‍යානයේ 1 වැනි කොටසේ සහ ගම්පහ, මීරිගම, පේරාදෙණිය, මොණරාගල වැනි නාගරික වනජීවී ප්‍රදේශවල වාර්තා වී ඇත.

සූකර ඉන්ෆ්ලුවෙන්සා(Swine influenza) යනු ඌරන්ට වැළඳෙන, ඉන්ෆ්ලුවෙන්සා A වර්ගයේ වෛරස් මගින් ඇතිවන ස්වසන රෝගයකි.

සූකරයන් තුළ බහුලව සංසරණය වන ඉන්ෆ්ලුවෙන්සා වෛරස් “සූකර ඉන්ෆ්ලුවෙන්සා වෛරස්” ලෙස හැඳින්වේ.

වෛද්‍ය ප්‍රසාද් පවසන්නේ, මෙම රෝගයේ මරණ අනුපාතය සියයට 100 ක් වන අතර එම නිසා මුළු වල් ඌරු ගහණයම රටින් තුරන්වීමේ අවදානම පවා පවතින බවයි.

“වල්ඌරු මරණ ගැන අපට වාර්තා ලැබුණා. ඊට පස්සේ, අපි සාම්පල එකතු කර ඒවා පරීක්ෂා කළා. සූකර උණ සහ ඌරු ප්‍රජනන සහ ශ්වසන සින්ඩ්‍රෝමය යන දෙකම අපට හමුවුණා. අන්තිම එක එතරම් භයානක නැහැ. ඒකෙ මරණ අනුපාතය අඩුයි. ඌරු උණ ඌරු පවුලේ සතුන් සඳහා සම්පූර්ණයෙන්ම මාරාන්තික වෙනවා. එය ඉතා වේගයෙන් බෝවන රෝගයක් ”ඔහු පෙන්වාදෙයි.

ශ්‍රී ලංකාවේ වල් ඌරු මරණ සංඛ්‍යාව මේ වන විට නිශ්චිතව ගණන් කළ නොහැකි බව ඔහු පවසයි.

ශ්‍රී ලංකා වල් ඌරා යනු ඉන්දියානු වල් ඌරාගේ උප විශේෂයක් වන අතර, ශරීරයෙන් තරමක් කුඩා වේ.

ශ්‍රී ලංකාවේ වල්ඌරු ගහනය වනයේ ඉහළ ය.

මෙම සත්වයා ආරක්ෂිත විශේෂයක් ද නොවේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories