2026 ජූලි 27 සඳුදා, 18:51
නවතම පුවත්

රාජ්‍ය ආයතනවලට දුඹුරු සීනි අනිවාර්ය කෙරේ

රාජ්‍ය ආයතන විසින් ප්‍රදානය කරනු ලබන ආහාර ද්‍රව්‍ය ප්‍රසම්පාදනයන් යටතේ දුඹුරු සීනි පමණක් සපයා ගැනීම අනිවාර්ය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

දේශීය දුඹුරු සීනි කර්මාන්තය තිරසාරව සංවර්ධනය කිරීම සහ දේශීය උක් ගොවීන් රැකගැනීම මෙම තීරණයේ ප්‍රධාන අරමුණයි.

සීමා සහිත ලංකා සීනි (පුද්ගලික) සමාගම යටතේ ක්‍රියාත්මක වන පැලවත්ත හා සෙවනගල කර්මාන්ත ශාලා මඟින් වාර්ෂිකව දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 56,000 ක් පමණ නිෂ්පාදනය කරන අතර, උක් වගාවේ සාරවත් අස්වැන්න හේතුවෙන් මෙම වර්ෂයේ නිෂ්පාදනය එම සීමාව ඉක්මවා ගොස් තිබේ.

ගුණාත්මක භාවයෙන් ඉහළ දේශීය නිෂ්පාදනයක් වන දුඹුරු සීනි මෙරට ජනතාව තුළ තවදුරටත් ප්‍රචලිත කිරීම මඟින් දේශීය දුඹුරු සීනි කර්මාන්තය සංවර්ධනය කිරීමට රජයේ අවධානය යොමු වී ඇත. එමෙන්ම, මෙම කර්මාන්තය මත යැපෙන දේශීය උක් ගොවීන් සහ සේවකයන් රැකගැනීම පිණිස දේශීය වෙළෙඳ පොළ තුළ විකුණුම් අවස්ථා වැඩි කිරීමේ අවශ්‍යතාව ද හඳුනාගෙන තිබේ.

ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ රජයේ රෝහල් වැනි රාජ්‍ය ආයතන සඳහා ආහාර ද්‍රව්‍ය ප්‍රසම්පාදනයන් යටතේ සීනි සැපයීමේදී දුඹුරු සීනි පමණක් සපයා ගැනීම අනිවාර්ය කිරීමට තීරණය කර ඇත.

තවද, සීමා සහිත ලංකා සතොස විසින් සෘජුවම සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ දුඹුරු සීනි මිල දී ගෙන පාරිභෝගිකයින්ට අලෙවි කිරීමටත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories