2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 21:05
නවතම පුවත්

දිමුත් කරුණාරත්න ගැන තීරණයක් ?

කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ටී එම් ඩිල්ෂාන් සහ තිලාන් සමරවීර වැනි මෙරට ටෙස්ට් ක්‍රිකට් පිටියේ දැවැන්තයන් කිහිප දෙනෙකු විශ්‍රාම ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ හොඳම ආරම්භක පිතිකරුවා ලෙස පසුගිය දශකයක පමණ කාලය තුළ නම් දරා සිටියේ හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නය.

වමතින් පිත්ත හසුරුවන දිමුත් ටෙස්ට් ක්‍රිකට් අනුපිළිවෙළේ ඉහළින්ම සිටින ශ්‍රී ලංකා පිලේ ‘මිස්ටර් රිලයිබල්’ බවට පත්විය.

මෙරටදී මෙන්ම විදේශයන්හිදීත් ඔහුගේ ටෙස්ට් ලකුණු ස්ථාවර වූ අතර අර්බුදකාරී අවස්ථාවලදී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට බොහෝ ශක්තිමත් බවක් ලබා දී ඇත.

කරුණාරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කෙතරම් වැදගත් කොටසක් බවට පත් වූයේද යත්, ඔහු විටින් විට එක්දින කණ්ඩායමට ද ඇතුළත් විය.

කෙසේ වෙතත් ඔහු පසුගිය මාස කිහිපය තුළ ලකුණු ලබාගැනීමේදී දැඩි අසීරුතාවලට මුහුණ දුන්නේය.

දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන්හිදී ශ්‍රී ලංකාව ලැබූ පරාජයේදී ඔහුට පළමු ඉනිමේ දී ලබා ගත හැකි වූයේ ලකුණු 2ක් සහ දෙවැනි ඉනිමේ ලකුණු 4ක් පමණි.

ඊට පෙර නවසීලන්ත පිලට එරෙහිව ඔහු තරග දෙකකදී අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වූ අතර එංගලන්තයට එරෙහිව ද හොඳ තරගාවලියකට සහභාගි විය.

කරුණාරත්න ඔහුගේ අවසන් ටෙස්ට් ඉනිම 11 තුළ 22.27ක සාමාන්‍යයක් ලබාගෙන ඇති අතර එය සාමාන්‍ය ආරම්භක පිතිකරුවකුට වඩා බෙහෙවින් අඩුය.

පැතුම් නිශ්ශංක ටෙස්ට් කණ්ඩායමේ තම ස්ථානය තහවුරු කර ගන්නා බවක් පෙනෙන්නට ඇති හෙයින්, කරුණාරත්නගේ ස්ථානය සම්බන්ධයෙන් තියුණු ලෙස සිතා බැලීමට පොළඹවනු ඇත.

නිශාන් මධුෂ්ක ද ටෙස්ට් කණ්ඩායමේ ස්ථානය නැවත ලබා ගැනීමට දැඩි උත්සාහයක් දරමින් සිටියි.

Gqeberha හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය කරුණාරත්නට ඉදිරි ගමන සඳහා තීරණාත්මක තරගයක් වනු ඇත.

මේ අතර අංක 3 පිතිකරණයේ විශාල වගකීමක් පැවරී තිබූ දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා පළමු ඉනිමේ දැවී ගිය පන්දු යැවීමේ ප්‍රහාරයට එරෙහිව දෙවැනි ඉනිමේදී දස්කම් දක්වමින් අර්ධ ශතකයක් ලබා ගනිමින් විවිධ තත්ත්වයන්ට අනුවර්තනය වීමේ හැකියාව නැවත වරක් පෙන්නුම් කළේය.

චන්දිමාල්ගේ ස්ථානය ඉදිරියට ගැනීමට ගත් පියවර වඩාත් අදාළ වූයේ අසාර්ථකත්වයන් මධ්‍යයේ කුසල් මෙන්ඩිස් කණ්ඩායමේ රැඳී සිටීම ශ්‍රී ලංකාවට අවශ්‍ය වූ බැවිනි.

සාමාන්‍යයෙන් සුපිරි ශිල්පීය ක්‍රම ඇති පිතිකරුවන්ට වෙන්වන අංක 3 පිතිකරණයේ දී සාර්ථක වීමට බොහෝ දෙනෙක් චන්දිමාල්ට අවස්ථාවක් ලබා නොදෙනු ඇත.

කෙසේවෙතත් කවදත් රට තමාට වඩා ඉදිරියෙන් තැබූ චන්දිමාල් අභියෝගාත්මක තත්ත්වයන් යටතේ පිතිකරණයේ නිරත වෙමින් මේ වන විට ඔහු විශිෂ්ට කාර්යයක් ඉටු කර ඇත.

පසුගිය සතියේ දකුණු අප්‍රිකාව ඔවුන්ට පහරදීමත් සමඟ ශ්‍රී ලංකාවට ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයට පැමිණීමේ අවස්ථාවට දැඩි පහරක් එල්ල විය.

කෙසේවෙතත්, තරඟාවලියේ මීළඟ තරඟ තුන ජයග්‍රහණය කළහොත් ලක්වැසියන්ට තවමත් අවසන් මහා තරඟයට පිවිසීමේ අවස්ථාව තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories