2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 14:30
නවතම පුවත්

ටෙන්ඩර් නැතුව සතොසට හාල් ගන්නා ප්‍රධාන විධායක නිලධාරියා ඇමැති යාළුවෙක්ද ?

ලංකා සතොස ආයතනයේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ඩී.එම්. මාලගේ ගේ මැදිහත්වීමෙන් ටෙන්ඩර් කැඳවීමකින් තොරව මිලදීගත් සහල් මෙට්‍රික් ටොන් 220ක තොගයකට මුදල් ගෙවාගත නොහැකිව ආයතනය ලතවෙන බව වාර්තා වේ.

මෙම ප්‍රශ්නගත සහල් තොගය මිලදීගෙන ඇතැයි පැවැසෙන්නේ, ගෝරලයින් ඉම්පෙක්ස් (Goraline Impex (pvt) Limited නම් ආයතනයකිනි.

වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයා, ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව 2024-12-30 දින ලබාගෙන ඇති මෙම සහල් තොගය ආයතනයේ ගබඩා වෙත යොමුකර ඇත්තේ විෂයභාර ඇමැති වසන්ත සමරසිංහගේ උපදෙස් මත බව පවසමින් යැයි ආයතනයේ සේවකයෝ පවසති.

මිලදී ගැනීමේ ඇණවුමක් නොමැතිව ලබාගත් මෙම සහල් තොගය භාරගැනීම ගබඩා අංශය විසින් මුලින් ප්‍රතික්ෂේප කළද, පසුව අදාළ නිලධාරියාගේ බලපෑම මත ඒවා භාරගෙන ඇතැයි පැවැසේ.

කිසිදු ලේඛනයකට අත්සන් නොකර සිදුකර ඇති මෙම සහල් තොගය වෙනුවෙන් මුදල් ගෙවීම ආයතනය විසින් මේ වන විට ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පසුගිය දිනෙක ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදීද සාකච්ඡාවට ලක්ව ඇති නමුත්, එහිදීද ටෙන්ඩර් පටිපාටි අනුගමනය නොකළ මෙම සහල් තොගයට මුදල් ගෙවීම ප්‍රතික්ෂේප වී ඇතැයි පැවැසේ.

මේ අතර අදාළ නිලධාරියා මේ වන විට කැබිනට් පත්‍රිකාවක් හරහා මෙම සහල් තොගයට මුදල් ගෙවීම අනුමත කරගැනීමේ උත්සාහයක නිරතවන බවද දැනගන්නට ඇත.

ලංකා සතොස ආයතනයේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස මෙම පුද්ගලයා පත්කර ඇතත්, ඔහු එම තනතුරට අදාළ සුදුසුකම් සපුරාලීමට අසමත්ව ඇතැයිද ආයතනයේ සේවකයෝ පවසති.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories