ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා ක්ෂේත්‍රයේ විප්ලවයක් ඇති කරමින්, Starlink අන්තර්ජාල සේවාව මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බව ලොව සුප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් සිය “X” (ට්විටර්) ගිණුමෙහි සටහනක් තබමින් නිල වශයෙන් තහවුරු කර තිබේ.
සීමාසහිත ස්ටාර්ලින්ක් ලංකා (පුද්ගලික) සමාගමට චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සැපයීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් 2024 අගෝස්තු 14 වනදා “විදුලි සංදේශ සේවා සැපයුම්කරු” බලපත්‍රයක් නිකුත් කරනු ලැබීය.
වාර්තා වන අන්දමට, Starlink සේවාව ශ්‍රී ලංකාවේ දැනට පවතින ෆයිබර් තාක්ෂණ අන්තර්ජාල සේවාවන්ට වඩා කිහිප ගුණයකින් වේගවත් වනු ඇත. එපමණක් නොව, ලෝකයේ ඕනෑම ස්ථානයක සිට මෙම සේවාව ලබා ගැනීමට හැකිවීම Starlink හි සුවිශේෂී ලක්ෂණයක් වන අතර, එය දුෂ්කර ප්‍රදේශවලට සහ ජංගම අවශ්‍යතා ඇති පුද්ගලයන්ට මහත් වාසියක් වනු ඇත.