2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 10:44
නවතම පුවත්

119 අවභාවිතා නොකරන්න, පොලීසිය ජනතාවගෙන් ඉල්ලයි

119 හදිසි ඇමතුම් අංකය අවභාවිතා කිරීම වළක්වාගැනීම සඳහා පොලීසිය විසින් මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

119 ක්ෂණික දුරකතන ඇමතුම් මධ්‍යස්ථානය වෙත ඇමතුම් ලබාදෙමින් මෙම සේවාව අවභාවිතා කරන අවස්ථාවන් නිරීක්ෂණය වී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ .

එමෙන්ම වර්ථමානය වනවිට මෙම මධ්‍යස්ථානය වෙත වාර්තා වන ඇමතුම් සම්බන්ධයෙන් සලකා බැලීමේදී පොලීසිය ක්ෂණිකව ක්‍රියාත්මක වීමට අවශ්‍ය පැමිණිලිවලට අමතරව අසත්‍ය පැමිණිලි හා වෙනත් ක්ෂණික සේවාවන් වෙත යොමු කළ යුතු පැමිණිලිද ලැබෙන බවයි පොලීසිය පැවසුවේ.

වෙනත් සේවාවන් මඟින් එම අවශ්‍යතාවය ඉටු කර ගැනීමට හැකියාව පැවතියද (පාරිභෝගික සේවා සම්බන්ධ පැමිණිලි, අල්ලස් සම්බන්ධ පැමිණිලි, රාජ්‍ය ආයතන මඟින් සිදුවන අක්‍රමිකතා සම්බන්ධ පැමිණිලි ඉඩම් ආරවුල්, මුදල් ආරවුල් වැනි පොලිසියේ සහාය ක්ෂණිකව අවශ්‍ය නොවන අවස්ථා සම්බන්ධයෙන් වන පැමිණිලි) ඇතැම් පැමිණිලි මෙම හදිසි ඇමතුම් අංකය හරහා බොහෝ විට ඉදිරිපත් කිරීමට මහජනතාව විසින් කටයුතු කරනු ලබන බවයි පොලීසිය පවසන්නේ.

ඒ අනුව, පොලීසිය පෙන්වා දෙන්නේ හදිසි අවස්ථාවකදී පොලිස් 119 ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානය වෙත සම්බන්ධ වීමට ඇති හැකියාව අවම වන බවයි .

මෙලෙස අනවශ්‍ය පැමිණිලි සඳහා කාලය ගත කිරීම තුළින් 119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ පොලිසියේ සහාය ක්ෂණිකව ලබා දිය යුතු අත්‍යවශය වන හදිසි පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා ඇමතුමේ වැඩි කාලයක් රැඳී සිටීමට සිදුව ඇත.

මෙසේ අසත්‍ය පැමිණිලි ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කර අදාළ පුද්ගලයින්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති අතර මෙම සේවාව අවභාවිතා කර ඇති අවස්ථාවන්හි ඊට අදාළ දුරකතන අංකය මඟින් 119 ක්ෂණික දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයට ලැබෙන දුරකතන ඇමතුම් තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරනු ලබයි.

පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, එබැවින් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස සේවය ලබාගැනීමට මෙම සේවාව භාවිතා කිරීමේදී නිසි අවබෝධයෙන් යුතුව, පොලිසියේ සහය ක්ෂණිකව ලබාගත යුතු අවස්ථා හඳුනාගනිමින් කටයුතු කරන ලෙසටයි .

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories