2026 ජූලි 29 බදාදා, 04:34
නවතම පුවත්

මීළඟ පාප් වහන්සේ තෝරාගැනීමේ කටයුතු සූදානම් කෙරේ

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීමේ නිල ක්‍රියාවලිය (Conclave) මැයි මස 07 වනදා සිදුකිරීමට වතිකානය මේ වනවිට සූදානම් කරමින් පවතී.
ඒ අනුව පාප්වරණය පැවැත්වෙන වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ දුම් කවුළුව සවිකිරීම පසුගියදා සිදුකෙරුණි.
දුම් කවුළුව පාප්වරණයේ සුවිශේෂී භූමිකාවක් උසුලයි.
දිගුකාලීන සම්ප්‍රදාය ඔස්සේ යමින් පාප්වරණය මෙවරත් පැවැත්වෙන්නේ වතිකානයේ සිස්ටීන් දෙව්මැදුර තුළය.

ඊට රැස්වන කාදිනල්වරුන් අතර පැවැත්වෙන ඡන්ද විමසීමකින් නව පාප් වහන්සේ තෝරාගැනීමට නියමිතය.
ඡන්දය අවසානයේදී ඔවුන්ගේ ඡන්දය සටහන් කරන කුඩා කඩදාසි කැබලි ගිනි තැබීමට කටයුතු කෙරෙන්නේ, නව පාප් වහන්සේ පත්කරගත්තාද? නැද්ද? යන්න සන්නිවේදනය කිරීම සඳහාය.

සිස්ටීන් දෙව්මැදුරේ දුම් කවුළුවට විශේෂ ස්ථානයක් හිමිවන්නේ මේ අවස්ථාවේදීය.
ඡන්ද පත්‍රිකා ගිනි තැබීමෙන් පසුව දුම් කවුළුව තුළින් ගලා එන දුමාරය කළු පැහැ නම් නව පාප් වහන්සේ පත්කරගැනීමට ප්‍රමාණවත් ඡන්ද එක් අපේක්ෂකයෙක් දිනාගෙන නොමැති බව ඉන් අදහස් කෙරෙයි.
යම් හෙයකින් දුම් කවුළුවෙන් නැගෙන දුමාරය සුදු පැහැ වනවා නම් ඉන් අදහස් වන්නේ නව පාප් වහන්සේ තෝරාගත් බවය.
මෙය සුබ පණිවුඩයක් බවට සලකන කතෝලිකයින් එම සුබ පණිවුඩය දැකගැනීමට වතිකානයට රැස්වන බවද වාර්තා වෙයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories