2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 14:39
නවතම පුවත්

තිලිණි ප්‍රියමාලිට ඇප!


හෝමාගම මුලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ව්‍යාපාරිකා තිලිණි ප්‍රියමාලීට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

තිලිණි ප්‍රියමාලි අත්අඩංගුවට ගනු ලැබුවේ, පසුගිය ජුනි 16 වන දින හෝමාගම අධිකරණයේ විභාග වන නඩුවක් සඳහා පෙනී සිටීමට පැමිණි අවස්ථාවේදීයි. එහිදී අධිකරණයේ රාජකාරියේ නිරතව සිටි සිතාසි බෙදා දෙන්නෙකු ඇයට සිතාසියක් ලබාදීමට යාමේදී, අයුතු අවහිරය, සාපරාධී බිය ගැන්වීම, රාජකාරියට බාධා කිරීම සහ සිතාසි නිකුත් කරන්නාගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුන්දර මහත්මිය පසුගිය ජූලි 14 වන දින නියෝගයක් නිකුත් කරමින්, ජූලි 15 වන දින හෝමාගම මුලස්ථාන පොලීසියට පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස තිලිණි ප්‍රියමාලීට නියෝග කර තිබුණා. ඒ අනුව, ඇය ප්‍රකාශයක් ලබාදීමට පොලිස් මූලස්ථානයට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඇය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී, හෝමාගම නීතිඥ සංගමයේ සියලුම නීතිඥයින් ඇයට එරෙහිව පෙනී සිටි බව වාර්තා වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories