2026 ජූලි 29 බදාදා, 05:07
නවතම පුවත්

පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් අදත් නියෝගයක්

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඉදිරිපත් කෙරුණු නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක්කරමින් මේ වන විට අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර තිබෙන කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතනවලට අදාළව ඡන්ද විමසීම කටයුතු ඉදිරියට කරගෙන යාම හෙට (03) දින තෙක් වළකින ලෙස අදාළ තේරීම් භාර නිලධාරීන් වෙත අභියාචනාධිකරණය අද (02) යළි නියෝග කළේය.

මෙම පෙත්සම් අද අභියාචනාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තේය.

එහිදී දැනට ප්‍රතික්ෂේප කර තිබෙන නාමයෝජනා අතුරින් උප්පැන්න සහතිකවල මුල් පිටපත් ඉදිරිපත් කර තිබෙන නාමයෝජනා යළි භාර ගැනීමට අධිකරණය හමුවේ එකඟතාවයක් ඇතිවුණි.

ඒ අනුව දැනට භාරගැනීමට එකඟතාවයකට පත්වී තිබෙන නාමයෝජනා හැර සෙසු නාම යෝජනාවලට අදාළ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ඡන්ද විමසීම් කටයුතු සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම හෙට දින තෙක් වළක්වමින් අධිකරණය තවදුරටත් නියෝගයක් නිකුත් කළේය.

ඉන් අනතුරුව වැඩිදුර කරුණු සලකා බැලීම අද දහවල් තෙක් කල් තිබුණි.

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන ගණනාවකට ඉදිරිපත් කෙරුණු නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානය, සර්වජන බලය, ස්වාධීන කණ්ඩායම් ඇතුළු පාර්ශ්ව විසින් මේ වන විට අභියාචනාධීකරණය හමුවේ පෙත්සම් 30කට ආසන්න සංඛ්‍යාවක් ගොනු කර තිබුණි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories