2026 ජූලි 29 බදාදා, 03:41
නවතම පුවත්

හදාගන්න ගත් දරුවා මරාගත් යුවළට මරණීය දණ්ඩනය

දරුකමට හදා වඩා ගැනීම සඳහා ගනු ලැබූ වයස අවුරුදු දෙකක පිරිමි ළමයෙකු වධ හිංසාවට ලක් කර මරණයට පත් කිරීම තුලින් මිනී මැරීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු යුවලකට එනම් මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් අලි මොහොමඩ් උස්මාන් සහ මොහොමඩ් ෆාහිම් ෆාතිමා සිෆානා යන අයට, කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා විසින් අද (06) මරණීය දණ්ඩනය නියම කරන ලදී.

2018 වසරේ මැයි මස 11 වනදා හෝ ඊට ආසන්න දිනයක මාලිගාවත්ත ප්‍රදේශයේදී හදා වැඩා ගැනීම සඳහා ලබාගත් අවුරුදු දෙකක පිරිමි ළමයකු වධ හිංසාවට ලක් කොට මරණය සිදු කිරීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබු අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කරන විනිසුරු සුජීව නිශ්ශංක මහතා කියා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබෙන මිනී මැරීමේ චෝදනා සාධාරණ සැකයකින් තොරව පැමිණිල්ල විසින් ඔප්පු කර තිබෙන බවයි.

තවදුරටත් තීන්දු ප්‍රකාශයට පත්කළ විනිසුරුවරයා සැක සහිත ලෙස මියගිය අවුරුදු දෙකක පමණ පිරිමි ළමයෙකුගේ මෘත ශරීරයක් පරීක්ෂණයකින් තොරව වල දැමීමට සූදානම් වන බවට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය විසින් අදාල නිවසට ගොස් ඒ පිළිබඳ විමර්ශන සිදු කර ඇති ආකාරය පොලිස් සාක්ෂි වලින් අනාවරණය වූ බව සඳහන් කළ අතරම අදාළ ස්ථානයට ගිය පොලිස් නිලධාරින් ඒ පිළිබඳ සැකයක් ඇතිවීම නිසා මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කර දරුවාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට පොලිසිය කටයුතු කළ බවත් ඒ අනුව අධිකරණයට ඉදිරිපත් කෙරුණු අධිකරණ වෛද්‍ය වාර්තාව තුළින් මෙම දරුවා දරුණු ලෙස වධ හිංසනයට භාජනය වී තිබූ ආකාරය වෛද්‍ය සාක්ෂි වලින් අනාවරණය වී තිබූ බවත් විනිසුරුවරයා පැවසුවේය.

තීන්දුවෙන් ප්‍රකාශ වූයේ මෙම දරුවාගේ දේහයේ තිබී තුවාල අනූවක් පමණ නිරීක්ෂණය වී ඇති අතර ඒවා පිළිස්සුම් තුවාල මෙන්ම පහරදීම් හේතුවෙන් ඇතිවූ තුවාල බවටත් වෛද්‍ය සාක්ෂි වලින් නිගමනය කර තිබු අතර අදාළ දරුවාගේ වෘෂන කෝෂ වලටද දැඩි ලෙස හානි සිදුකර තිබූ බවත් වෛද්‍ය සාක්ෂි වලින් අනාවරණය වී තිබූ බවත්ය. ඒ අනුව මෙම දරුවා කෲර වධ හිංසනයට භාජනය වී ඇති අතර චේතනාන්විතවම ප්‍රචණ්ඩත්වයට ලක්වීම හේතුවෙන් ඔහුගේ මරණය සිදුවී ඇති බව වෛද්‍ය සාක්ෂිවලින් නිරීක්ෂණය වී තිබෙන බවත් විනිසුරු වරයා පෙන්වා දුන්නේය.

ව්නිසුරුවරයා සිය තීන්දුව තුළින් ප්‍රකාශ කළේ කාලයක් වධ හිංසනයට භාජනය වී පිළිස්සුම් වලින් ඇතිවූ බහුවිධ තුවාල හේතුවෙන් දරුවාගේ මරණය සිදුවී ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් නිගමනය කර තිබෙන බවත් විත්තිකරුවන් විසින් මියගිය මෙම දරුවා කොළඹ ලමා රෝහල අසලටම රැගෙන ගොස් ඊට ඇතුළත් නොකට ආපසු හැරී ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්‍යවරයෙකු වෙත රැගෙන යාම බරපතල සැකයකට තුඩුදෙන කරුණක් බවයි.

අදාළ දරුවා මෙම විත්තිකරුවන් භාරයේ සිටි බවට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු සැකයක් මතුවී නොමැති බවත් අවධාරණය කළ විනිසුරුවරයා ඉදිරිපත් වූ සියලු පර්වේෂණීය හා වෛද්‍ය සාක්ෂි වලට අනුව මෙම මරණයට විත්තිකරුවන් වගකිවයුතු බව තීන්දු කළේය. ඒ අනුව අදාල විත්තිකරුවන් දෙදෙනා මිනීමැරීමේ චෝදනාවට වරදකරු කරන බවත් විනිසුරුවරයා අවසන් වශයෙන් තීන්දු කළේය.

දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ විත්තිකරුවන් කියා සිටියේ තමන් මෙම චෝදනාව වලට නිර්දෝෂී බවයි. තමාට තවත් දරුවන් දෙදෙනෙකු සිටින බවත් මෙම දරුවා හදා වඩා ගත්තේ තම කැමැත්තෙන් බවත් විත්තිකාරිය විවෘත අධිකරණයේ ප්‍රකාශ කළාය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories