2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 21:04
නවතම පුවත්

රට පුනරුදයකට රැගෙන යන ගමන ආරම්භ කරලා තියෙන්නෙ – ජනපති-

කඩා වැටුණු රට යළි පුනරුදය කර කැඳවන යුගය මේ වන විට ආරම්භ කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ, මෙම ගමන කිසිවෙකුටත් වැළකිය නොහැකි බවය.

රට ගොඩනැගීම සඳහා වන සැලසුම් රැසක් මේ වන විට සකස් කර ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

“අපේ රට අපි ඩිජිටල්කරණය කරන සැලැස්ම සකස් කර තිබෙනවා. මෙතෙක් ලංකාවට වැඩිම සංචාරකයින් ආපු වසර බවට අපි 2025 වසර පත්කරනවා. අපේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කරනවා. ගුණයහපත්කමෙන් පිරිසිදු, විනයෙන් පිරිසිදු, නීතියට අනුගත වෙන රට පුරා අඩුම තරමේ, පිරිසිදු වැසිකිළි පද්ධතියක් නැති රටක් මේක… පිරිසිදු වැසිකිළි පද්ධතියක් තියෙන, විනය තියෙන, අනෙකාට ආචාර සමාචාර කරන හොඳ විදියට තියෙන කැලිකසළ නැති ඉතාමත් පිරිසිදු ශ්‍රී ලංකාවක් මේ කලාපයේ පිරිසිදුම රට බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ කාර්ය අපි ඉටුකරනවා. අපි නව විද්‍යා හා පර්යේෂණ කේෂ්ත්‍රයක් විවෘත කරන්න ඕනේ. එතැනින් නතර වෙන්නේ නෑ. වහලා තියෙන කර්මාන්ත ශාලා යළි විවෘත කරන්න, අපේ තියන සම්පත් උපයෝගි කරගෙන නව කර්මාන්ත ශාලා ඉදිකරන සැලසුම් අපි සකස් කරලා තියෙනවා. මේ දියත් වෙමින් තිබෙන්නේ කඩා වැටුණ රට යළි පුනරුදය කරා කැඳවන යුගයයි ජාතික ජන බලවේගය ආරම්භ කරලා තියෙන්නේ. මේ ගමන කාටවත් වට්ටන්න බෑ.”

තම රජයට තිබු පළමු අභියෝගය වන ආර්ථිකය ක්‍රමවත්ව පවත්වාගෙන යාම සාර්ථකව ජයගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී පැවසුවේය.

“අපි බලය ගත්තු වෙලාවේ අපිට ප්‍රධානතම අර්බුදය තිබුණේ, සාමාන්‍ය තත්ත්වයෙන් රට පවත්වාගෙන යෑම. අපිට හම්බෙලා තිබෙන්නේ, ගැඹුරුතම ආර්ථික අර්බුදයකට මුහුණදීලා තියෙන රටක් ඒ නිසා, මේ ආර්ථිකයට ක්ෂණික විශාල ප්‍රහාරයන් මේ ආර්ථිකයට දරාගන්න බෑ. ඒ නිසා අපේ සැලැස්ම තිබුණේ ආර්ථිකය බිඳවැටෙන්න ඉඩ නොදී ආර්ථිකය කෙරෙහි ඊට සම්බන්ධ වෙන, ප්‍රජාවන්ගේ විශාවසය දිනාගෙන සාමාන්‍ය තත්ත්වය නිර්මාණය කරන්න. අන්න අපි සමත් වුණා. අපි හරියට සැලසුම් හැදුවා 300ට යටින් ඩොලරය තියා ගත්තා. පළමු අභියෝගය ආර්ථිකය කඩා වැටීමට ඉඩ නොදී ක්‍රමවත්ව පවත්වාගෙන යෑමට ඉඩදීම. අපි ඒ වැඩේ කරා…”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories