2026 ජූලි 29 බදාදා, 08:45
නවතම පුවත්

ලන්ඩනයේ උපපොළක ගින්නක්හීත්‍රෝ ගුවන්තොටුපොළ වැසේ

එංගලන්තයේ ප්‍රධානම මෙන්ම විශාලම ගුවන්තොටුපොළ ලෙස සැලකෙන හීත්‍රෝ ගුවන්තොටුපොළ, ගුවන්තොටුපොළට විදුලිය සපයන විදුලි උපපොළක ඇති වූ විශාල ගින්නක් හේතුවෙන් අද (21) දවස පුරා වසාතැබීමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇත.

හීත්‍රෝ ගුවන්තොටුපොළ ප්‍රකාශයක් මාධ්‍ය වෙත පවසා ඇත්තේ, මෙම ගින්න හේතුවෙන් ගුවන්තොටුපොළ තුළ සැලකිය යුතු විදුලිය බිඳවැටීමක්ද සිදුව ඇති බවත්, මගීන්ගේ සහ කාර්යය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි.

බටහිර ලන්ඩනයේ හේස් හි උපපොළේ ඇති වූ මෙම ගින්නෙන් නිවාස දහස් ගණනකට විදුලිය විසන්ධි වී ඇති අතර, අවට ප්‍රදේශයෙන් පුද්ගලයින් 150ක් පමණ ඉවත් කර ඇත.

හීත්‍රෝ යනු එක්සත් රාජධානියේ විශාලතම ගුවන්තොටුපොළ වන අතර, දිනකට ගොඩබෑම් සහ ගුවන්ගත කිරීම් 1,300ක් පමණ සිදු කෙරෙන අතර පසුගිය වසරේ එහි පර්යන්ත හරහා වාර්තාගත මගීන් මිලියන 83.9ක් ගමන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගින්නෙන් ඇති වූ විදුලිය ඇනහිටීමෙන් නිවාස 16,300කට වැඩි ප්‍රමාණයකට විදුලිය විසින්ධි වී ඇති බවත් ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ දහයක් සහ ගිනි නිවන භටයින් 70ක් පමණ යවා ඇති බව ලන්ඩන් ගිනි නිවන ඒ්කකය පවසයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories