2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 09:36
නවතම පුවත්

බදු ගෙවා නැතිනම් පදිංචි තැනට එනවා

සැප්තැ­ම්බර් 30 දිනට පෙර හිඟ බදු මුදල් ගෙවා නොමැති පුද්ග­ල­යන්ගේ පරි­ශ්‍ර­යන් වෙත ගොස් ඒවා අය කර ගැනීමේ නව වැඩ­පි­ළි­වෙ­ළක් ආරම්භ කළ බව දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුව ප්‍රකාශ කරයි.

ස්වත­ක්සේරු ගෙවීම් ක්‍රමය යටතේ සැප්තැ­ම්බර් 30 දිනට පෙර සියලු හිඟ බදු මුදල් ගෙවන ලෙස මීට පෙර බදු ගෙවන්නන්ට දැනුම් දී තිබිණි. ඒ අනුව සැල­කිය යුතු පිරි­ස­ක­ගෙන් බදු ආදායම් එක්රැස් කර ගැනී­මට සමත් වී තිබේ. කෙසේ නමුත් තව­මත් හිඟ බදු මුදල් ගෙවා නොති­බෙන පිරිස වෙත ගොස් මේ ආකා­ර­යට ඒවා අය කර ගැනී­මට තම දෙපා­ර්ත­මේ­න්තුව ඉකුත් සිකු­රාදා (04) පටන් වැඩ­පි­ළි­වෙ­ළක් ආරම්භ කළ බව දේශීය ආදා­යම් කොම­සා­රිස් ජන­රාල් සේපා­ලිකා චන්ද්‍ර­සේ­කර මහ­ත්මිය ප්‍රකාශ කළාය.

මෙතෙක් නොගෙවා තිබෙන ස්වත­ක්සේරු ගෙවීම් ක්‍රම­වේද‍ය යටතේ හිඟ බදු මුදල් අය­කර ගැනීමේ දී නීති­මය කට­යුතු ක්ෂණි­කව සපු­රා­ලී­මට ද තම නිල­ධා­රීන්ට උප­දෙස් ලබා දී ඇතැයි කොම­සා­රිස් ජන­රා­ල්ව­රිය කීවාය.

මුදල් අමා­ත්‍යාං­ශය විසින් මේ වසර සඳහා දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තු­වට ලබා දී ඇති ආදා­යම් ඉල­ක්කය රුපි­යල් බිලි­යන 2024කි. ඉන් සැප්තැ­ම්බර් 30 වන විට එයින් රුපි­යල් බිලි­යන 1417ක් රැස් කරනු ඇතැ­යිද ඇය සඳ­හන් කළාය.

එය මේ වසර සඳහා ලබා දී ඇති ආද­යම් ඉල­ක්ක­යෙන් සිය­යට හැත්තෑ­ව­කට වැඩි අග­යක් ගන්නා බව ද ඇය කීවාය.

දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේන්තු ඉති­හා­සයේ එක් වස­රක් සඳහා අය කර ගත යුතු වැඩිම ආදා­යම් ඉල­ක්කය වසර 2024 තුළ අය­ක­ර­ග­න්නැයි තමන්ට ලබා දී ඇතැයි ද ඇය කීවාය.

ඉදිරි මාසයේ දී මැති­ව­ර­ණ­යක් පැවැ­ත්වෙන නිසා තම දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීට වඩාත් කාර්ය­බ­හුල කාල­යක් උදාවී ඇතැයි ද, එසේ තිබි­ය­දීත් කෙසේ හෝ ආදා­යම් ඉල­ක්කය සපුරා ගැනී­මට කට­යුතු කර­න්නැ­යිද තමන් සියලු දෙනාට දැනුම් දී ඇතැ­යිද ජන­රා­ල්ව­රිය පැව­සු­වාය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories