2026 ජූලි 29 බදාදා, 03:26
නවතම පුවත්

මාලිමා ආණ්ඩුව පත් කළ ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති කෝප් හමුව මඟහැරීමේ උපායකද?

ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් හෙට (අප්‍රේල් 09) පෙරවරුවේ පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) හමුවට කැඳවා තිබියදී, අද පැවැත්වීමට නියමිතව තිබූ එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම හදිසියේම හෙට දිනය දක්වා කල් දමා ඇති බව වාර්තා වේ. මෙම හදිසි වෙනස්කම පිටුපස ලංකා ගල් අගුරු සමාගමේ සභාපති ජයන්ත රත්නායක කමිටුව හමුවේ පෙනී සිටීම මඟහැරීමේ සූදානමක් නිසාවේන්ද ?

රජයේ ව්‍යවස්ථාපිත ආයතනයක් ලෙස ලංකා ගල් අඟුරු සමාගමේ මෑතකාලීන ආන්දෝලනාත්මක ටෙන්ඩර් ක්‍රියාවලිය පිළිබඳව කරුණු විමසීමට පාර්ලිමේන්තු කෝප් කමිටුව හෙට දිනය වෙන් කර තිබුණි. කෙසේ වෙතත්, සාමාන්‍ය පරිදි අප්‍රේල් 08 වන දින පැවැත්වීමට සැලසුම් කර තිබූ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව හෙටට කල් දැමීම විශේෂත්වයකි. මෙය හුදෙක් පරිපාලනමය තීරණයකට වඩා, කෝප් කමිටුව හමුවට ඉදිරිපත් නොවී සිටීමට යොදාගත් උපක්‍රමයක් ද ?
අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් පවතින බව පවසමින් කෝප් කමිටුව හමුවේ පෙනී සිටීමට අපහසු බව දැනුම් දීමට සභාපතිවරයා උත්සාහ කරන්නේද යන්න පිළිබඳව මේ වන විට අවධානය යොමුව ඇත. ගල් අගුරු සමාගමේ ගනන් දීමේ නිලධාරීයා සභාපතිවරයාය.

කෝප් කමිටුව යනු ජනතාවගේ වගවීම නියෝජනය කරන උත්තරීතර ආයතනයක් වන බැවින්, මෙවැනි ආයතනික අභ්‍යන්තර රැස්වීමක් පදනම් කරගනිමින් එම කැඳවීම් පැහැර හැරිම නීතියට පටහැනිය . ආයතනයක විනිවිදභාවය තහවුරු කිරීමට ඇති අවස්ථාවක් මෙලෙස මඟහැරීම මගින් අමාත්‍යවරයා ඇතුලු ආන්ඩුව සමග සභාපතිවරයා අතර ඇති ගැටලුකාරී තත්ත්වයන් තවදුරටත් තහවුරු වනවා නොවේද ?

විපක්ෂ මන්ත්‍රීවරු සහ ජනමාධ්‍ය ගල් අගුරු ප්‍රශ්නය පීලිබද කතා කිරීම සුබවාදි බවත්, ගල් අගුරු දහනයෙන් පිටවන අලු ආශීර්වාදයක් බවත් රත්නායක මහතා ඔහුගේ පලමු මාධ්‍ය හමුවේම ප්‍රකාශ කල අයෙකි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories