2026 ජූලි 29 බදාදා, 03:58
නවතම පුවත්

මැතිවරණය දවසේ හා ඊට පසු දා කලබල කරන්න එපා

ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාව නිරීක්ෂණය කටයුතු වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ සහයෝගයක් ලබා දෙන බව ත් මෙතෙක් පැවති සාමකාමී තත්ත්වය මැතිවරණ දින හා පසුවත් බලාපොරොත්තු වන බව ත් රුසියානු සමූහාණ්ඩුවේ ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂක ශෙව්චෙන්කෝව් එව්ජෙනී පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අද (සැප්. 19) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවති මාධ්‍ය හමුවකදී ය.

ලිපිගොනු හා තාක්ෂණික සහයෝගය ලබා දී ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සහාව මේ වනවිටත් ජාත්‍යන්තර නිරීක්ෂණ කණ්ඩායමට ඉතාමත් හොඳ සහයෝගයක් ලබා දී ඇති රුසියානු සමූහාණ්ඩුවේ ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකවරයා සඳහන් කළේ ය.

ඔහු සඳහන් කළේ, සැප්තැම්බර් 21 වන දා කිසිදු පාර්ශවයකට බලපෑමකින් තොරව සාමකාමී මැතිවරණයක් පවත්වනවා ද යන්න නිරීක්ෂණය කිරීමට සියල්ල සූදානම් බව ය.

ජනාධිපතිවරණ නිරීක්ෂණය කටයුතු වෙනුවෙන් බංග්ලාදේශය, නේපාලය, රුසියාව, පිලිපිනය, භූතානය, මාලදිවයින ඇතුළු රටවල් 7ක ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන් මෙම මාධ්‍ය හමුවට සහභාගී වී සිටියහ.

ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් මෙම ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම ඊයේ (සැප්. 18) ශ්‍රී ලංකාව වෙත පැමිණියහ.

මේ අතර, කොළඹ, යාපනය, ගාල්ල ඇතුළු ශ්‍රී ලංකාවේ සියලු ම ප්‍රදේශ ආවරණය වන ලෙස මැතිවරණ නිරීක්ෂණය කටයුතු සිදු කිරීමට නියමිත බව මාලදිවයින නියෝජනය කරමින් පැමිණි නිරීක්ෂක ෆුවාඩ් තවුෆීක් සඳහන් කළේ ය.

ඔහු සඳහන් කළේ, ජනාධිපතිවරණය දා ඡන්දය ලබා දීමට යන විට ඡන්දදායකයා හොඳින් සූදානම් වී යා යුතු බව ත් අපේක්ෂකයන් 38ක් තරග කරන බැවින් තමා ඡන්දය ලබා දෙන අපේක්ෂකයාගේ සලකුණ ඡන්ද පත්‍රිකාවේ සඳහන් කර ඇති ස්ථානයේ පිළිබඳ දළ අදහසක් ඡන්ද මධ්‍යස්ථානය වෙත යාමට පෙර ඇති කරගෙන යෑම කාලය ඉතිරි කරගැනීමට හේතු වනු ඇති බව ත් ය.

නීතියට අනුව සෑම නිලධාරියෙක් ම සේවය කිරීමත් ඡන්දදායකයා සාමකාමීව කටයුතු කිරීමත් මගින් සාර්ථක මැතිවරණයක් පැවැත්විය හැකි බව මාලදිවයින නියෝජනය කරමින් පැමිණි මැතිවරණ නිරීක්ෂකවරයා පැවසීය.

මෙම ජාත්‍යන්තර නියෝජිතයින්ට අමතරව යුරෝපා සංගමය නියෝජනය කරමින් නිරීක්ෂකයන් 80 ක් හා පොදු රාජ්‍ය මණ්ඩලයෙන් දෙදෙනෙකු හා දේශීය මැතිවරණ නිරීක්ෂකයන් ඇතුළු සිවිල් සංවිධාන මෙවර මැතිවරණ නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් සහභාගී වීමට නියමිත ය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories